ගලිගමුව එම් ඕඑච්හි ප‍්‍රධාන වෛද්‍යනිලධාරී කොරෝනාවෙන් මියයි

240


ගලිගමුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ ප්‍රධාන වෛද්‍යවරයා ලෙස කටයුතු කළ වෛද්‍ය පද්ම ශාන්ත මහතා කොවිඩ් ආසාදනයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ.

මීට මසකට පමණ පෙර සිට වෛරසය ආසාදනය වී කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිට ඇති ඒ මහතා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහල වෙත ඇතුළත් කෙරිණි.

එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි වෛද්‍ය පද්ම ශාන්ත මහතා ඊයේ (09දා* ජීවිතක්ෂයට පත්විය.


advertistmentadvertistment