ඉන්ධන සැපයුම ගැන ඇමැතිගෙන් විශේෂ ප්‍රකාශයක්

492


රජය ඉන්ධන මිලදීගෙන සැපයීමට පියවර ගෙන ඇත්තේ දින 10න් 10ට බැවින් අනවශ්‍ය ලෙස ඉන්ධන රැස්කරගැනීමට ජනතාව පියවර ගතහොත් දැනට පවතින ඉන්ධන අර්බුදය තවත් උග්‍රවියහැකි බව විදුලි බල හා බලශක්ති ඇමැති කාන්චන විජේසේකර මහතා පවසයි.එසේම ඉන්ධන පිරවුම්හලකට ලබාදෙන ඉන්ධන ලීටර් 6,400ක බවුසරයකින් ඉන්ධන සැපයිය හැක්කේ වාහන 240ක් සඳහා පමණක් බැවින් විශාල ලෙස වාහන පෝලිම් ඇතිවීම වලක්වා ගන්නා ලෙසද ඉල්ලා සිටියි.එනිසා අනවශ්‍ය බියක් ඇතිකරගෙන ඉන්ධන අනවශ්‍ය ලෙස රැස්කර ගැනීමෙන් වලකින ලෙසද ඇමැතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.ඉන්ධන ලබාදෙන ලෙස ඉල්ලා කලබල කිරීම් කිරීමෙන් වලකින ලෙසත් ඉල්ලා සිටින ඇමැතිවරයා එක් ඉන්ධන පිරවුම්හලකට එක්දිනකට තෙල් සැපයූ විට නැවත එම පිරවුම්හලකට ඉන්ධන ඉන්ධන සැපයීමට දින දෙකක් පමණ ගතවන බවද සඳහන් කරයි.

advertistmentadvertistment
advertistmentadvertistment