හිටපු වොලිබෝල් තරුව නිවී යයි

804

ශ්‍රී ලංකා වර්ණලාභී වොලිබෝල් ක්‍රීඩකයෙකු, ජාතික මට්ටමේ හිටපු ගෘහස්ථ සහ වෙරළ වොලිබෝල් තරග විනිසුරුවරයෙකු වන ශ්‍රී ලංකා යුද හමුදාවේ විශ්‍රාමික කපිතාන් අභාවප්‍රාප්ත ජයසිරි පෙරේරා, වොලිබෝල් ක්‍රීඩා ලෝලීන් විශාල පිරිසකගෙන් සෝ සුසුම් මධ්‍යයේ පෙරේදා මාකොල නෙල්ලිගහ කනත්තේදී අවසන් ගමන් ගියේය.

ජාතික මට්ටමේ වොලිබෝල් ක්‍රීඩකයෙකු සහ තරග විනිසුරුවරයකු ලෙස දශක 4 කට වැඩි කාලයක් වොලිබෝල් කේෂ්ත්‍රයේ නියැළුණු කපිතාන් ජයසිරි පෙරේරා ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ හිටපු තේරීම් කමිටු සාමාජිකයෙක් ද වෙයි. 1974 වසරේ දී ප්‍රථම වරට ශ්‍රී ලංකා වොලිබෝල් වර්ණ දිනාගත් ඔහු 1976 වසරේ ශ්‍රී ලංකා කණ්ඩායමේ පකිස්ථාන සහ චීන සංචාරයේදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට වරම් ලබා ගත් අයෙකි.

ශ්‍රී ලංකා යුද හමුදා වොලිබෝල් කණ්ඩායම වසර

ගාණක් නියෝජනය කළ කපිතාන් ජයසිරි පෙරේරා, උඩුපිල, සිසිර ක්‍රීඩා සමාජය හරහා වොලිබෝල් ක්‍රීඩාවට අවතීර්ණ වූ ප්‍රවීණ ක්‍රීඩකයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment