දකුණු ආසියානු පාපන්දු ශූරතාව ඉන්දියාවට

178

මාලදිවයිනේ මාලේ අගනුවර පිහිටි ජාතික ක‍්‍රීඩාංගණයේදී නිමාව දුටු 13 වැනි දකුණු ආසියාතික පාපන්දු තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ ක‍්‍රීඩකයෝ සමත් වූහ.

ඉන්දියානු ජාතික පිල දකණු ආසියාතික පාපන්දු තරගාවලියේ ශූරතාව තහවුරු කර ගත් 08 වැනි අවස්ථාව මෙය විය. මීට පෙර 1993, 1997, 1999, 2005, 2009, 2011 සහ 2015 වසරවල ශූරතාව දිනා ගනිමින් සාෆ් පාපන්දුවේ ආධිපත්‍ය පැතිර වීමට ඉන්දියාවට හැකි වී තිබේ.

මෙවර අනුශූරතාවය නේපාලය සතුවිය.

නේපාල ජාතික පාපන්දු කණ්ඩායමක් දකුණු ආසියාතික පාපන්දු තරග ඉතිහාසය තුළ අවසන් තරගයකට සහභාගි වෙමින් අනුශූරතාවයට හිමිකම් කියූ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

මෙවර තරගාවලියේ තෙවන ස්ථානය සත්කාරක මාලදිවයිනට ද සිව්වන ස්ථානය බංග්ලාදේශයට ද අවසන් ස්ථානය ශ‍්‍රී ලංකාවට ද හිමි විය.

ලීග් ක‍්‍රමයට ක‍්‍රියාත්මක වූ මූලික වටයේදී ඉන්දියාව සමග තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගත් ශ‍්‍රී ලංකාව ප‍්‍රතිවාදී නේපාලය, මාලදිවයින සහ බංගලාදේශය හමුවේ පරාජය ලැබීය.

ඉකුත් සෙනසුරාදා (16 දා) රාත‍්‍රියේ පැවති අවසන් තරගයේ දී නේපාලය වෙතින් එල්ල වූ අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් ගෝල් 03 – 00 ක ජයග‍්‍රහණයක් සටන් කරගැනීමට ඉන්දියාවට හැකි විය.

තරගය ආරම්භ වූ පළමු භාගයේ දී ප‍්‍රබල ක‍්‍රීඩා රටාවක නිරත වීමට නේපාලය සමත් වුවද දෙවන භාගයේ දී ඉන්දියාව හමුවේ පසු බැසීමට සිදු වීම ද ඒ අතර කැපී පෙනුණි.

එහි ප‍්‍රතිඵලයක් ලෙස ගෝල් ත‍්‍රිත්වයම දෙවන භාගය තුළ වාර්තා කර ගැනීමට ඉන්දීය ක‍්‍රීඩකයන්ට හැකි විය. සුනිල් චෙට්ටි‍්‍ර (49) සුරේෂ් සිං (50) සහල් අබ්¥ල් (90) මිනිත්තුවේදී පිළිවෙලින් ගෝල් රැුස් කරමින් ඉන්දීය ජයග‍්‍රහණය තහවුරු කළහ.

දකුණු ආසියාවේ සුපිරිතම පාපන්දු තරුව ලෙස සැලකෙන ‘‘සුනිල් චෙට්ටි‍්‍ර’’ සිය 80 වැනි අන්තර්ජාතික පාපන්දු ගෝලය මෙම තරගයේ දී සටහන් කර ගැනීමට සමත් වීම විශේෂත්වයකි.

ආජන්ටිනාවේ වත්මන් නායක ‘‘ලයනල් මෙසී’’ රැස් කර ගෙන ඇති ගෝල් සංඛ්‍යාව ද 80 කි. ඒ අනුව ලොව වැඩිම ජාත්‍යන්තර පාපන්දු ගෝල් රැුස් කර ගත්තන් අතර 05 වැනි ස්ථානය ‘‘ලයනල් මෙසී’’ සහ ‘‘සුනිල් චෙට්ටි‍්‍ර’’ සමව හිමිකර ගෙන සිටිති.

මෙහි පළමු ස්ථානය පෘතුගාලය නියෝජනය කරන ‘‘ක‍්‍රිස්ටියානෝ රොනාල්ඩෝ’’ ට හිමි වී ඇති අතර ඔහු රැස්කර ගෙන ඇති ගෝල ප‍්‍රමාණය 115 කි.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment