අප්‍රේල් මාසය සඳහා ලාෆ්ස් මිල සංශෝධනය කිරීමට එම සමාගම තීරණය කර තිබේ.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5 ක ලාෆ්ස් ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 420 කින් වැඩි වේ.
කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 168කින් වැඩි වෙන බව එම ආයතනය ප්‍රකාශ කරයි.
ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 4100ක් වන අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 1645ක් බවත් ලාෆ්ස් සමාගම නිවේදනය කරයි