ගිනි පෙට්ටියටත් කණකොකා හඬන හැඩක්: තවත් ප්ලාස්ටික් කන්දක් ගොඩ ගැසෙන ලකුණු

35

රටම එළිය කරන කර්මාන්තය අඳුරට නොහෙළනු – සේවකයෝ උද්ඝෝෂණයක

විදෙස් රටවලින් ගෙන්වන ප්ලාස්ටික් ලයිටර් වර්ග හේතුවෙන් මෙරට නිෂ්පාදනය කරන දේශීය ගිනි පෙට්ටි නිෂ්පාදන ආයතන වෙත සිදුවන බලපෑමට විරෝධය ප්‍රකාශ කරමින් ලංකා ගිනි පෙට්ටි කර්මාන්තකරුවන්ගේ සංගමය විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් මහනුවර ටොරින්ටන් උද්‍යානය ඉදිරිපිටදී පැවැත්විණ.

ශ්‍රී ලංකාවේ වැඩිපුරම ගිනි පෙට්ටි නිෂ්පාදන ආයතනයන් පිහිටා ඇත්තේ මහනුවර කුණ්ඩසාලේ හා පල්ලෙකැලේ ආයෝජන ප්‍රවර්ධන කලාපයේ වන අතර, මෙම කර්මාන්තය ආශ්‍රිතව පවුල් 10000 ට අධික පිරිසක් රැකියාවේ නිරතව සිටිති. මින් බහුතරයක් අඩු ආදායම් ලාභී පවුල්වල අයය.

නූතනයේ ප්ලාස්ටික් ආශ්‍රිත නිෂ්පාදන සඳහා විවිධ නීති රීති පැනවුවද ඒවා ප්‍රායෝගිකව ක්‍රියාත්මක නොවන බවත්, දේශීය ගිනි පෙට්ටි කර්මාන්තය ආරක්ෂා කර ගැනීම සඳහා රජයේ මැදිහත්වීම අවම බව ද උද්ඝෝෂණයේ නිරත පිරිස් පවසති. ‘දේශීය කර්මාන්ත රැකදියව්’, ‘විදේශීය නිෂ්පාදනවලට මුල්තැන දෙන හීන ජාතියක් බිහි කරන්න එපා’, ‘කඩාවැටුණු දේශීය ආර්ථිකය නඟාසිටුවන්නේ දේශීය කර්මාන්ත වනසලා ද’, ‘මුළු රටම එළිය කරන කර්මාන්තය අඳුරු නොකරනු’, ‘ගිනි පෙට්ටිය රැකදෙන්න’ – ‘ලයිටර් ගෙන්වීමට ඉඩ නොදෙන්න’ යනුවෙන් විරෝධතා පුවරු දක්වමින් මෙම පිරිස උද්ඝෝෂණයේ නිරත වූහ. බලධාරීන්ගේ අවධානය යොමුකර මෙම ගැටලුව වහා විසඳීමට මැදිහත්වන ලෙස මොවුහු ඉල්ලා සිටිති.

ජානක සම්පත් බණ්ඩාර – ගුන්නෑපාන

advertistmentadvertistment
advertistmentadvertistment