පසුගිය අලුත් අවුරුදු සමයේ ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට නැවත කොළඹට පැමිණීම සඳහා විශේෂ දුම්රිය කිහිපයක් යොදවා ඇත. දුම්රිය දෙපාර්තමේන්තුව පවසන ආකාරයට
මෙම විශේෂ දුම්රිය වැඩපිළිවෙළ එළැඹෙන 19 සහ 20 යන දෙදින පුරා ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.
ඒ අනුව ගාල්ලේ සිට කොළඹ කොටුව බලා පැමිණීම සඳහා මෙන්ම බෙලිඅත්තේ සිට කොළඹ කොටුව බලා පැමිණීමට විශේෂ දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
තවද බදුල්ලේ සිට කොළඹ බලා පැමිණීමට දුම්රිය වාර දෙකක් ක්‍රියාත්මක කිරීමටද දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ.