ගුරුවරියකගේ ලක්‍ෂ දෙකක රන්මාලය කොල්ල කන්න හැදූ සැකකරු මාට්ටු

44

කුරුණෑගල බලා පිටත්වීමට නියමිතව තිබූ බස් රථයක සිටි ගුරුවරියකගේ ලක්ෂ දෙකකට ආසන්න ගෙල බැඳි රන්මාලය කොල්ලකා පලා ගිය සැකකරුවකු ඊයේ (17දා) දහවල් ලුහුබැඳ ගොස් අල්ලා ගත් තරුණ පිරිසක් එම සැකකරු අනුරාධපුර මූලස්ථාන පොලිසියට භාර දීමට කටයුතු කළහ.

කැබිතිගොල්ලෑව, දුටුවැව ප්‍රදේශයේ සිට අනුරාධපුරයට පැමිණ, රැකියාව සිදු කරන වාරියපොළ සුමංගල විද්‍යාලයට යෑමට බස් රථයකට නැඟ සිටි තරුණ ගුරුවරියගේ රන්මාලය සැකකරු මෙලෙස කඩා ගෙන ඇති බව පොලිසිය කියයි.

සිද්ධියට මුහුණ පෑ ගුරුවරිය පිටත් වීමට නියමිත බසයේ අසුනක වාඩි වී සිටිය දී ඊට පිටුපස අසුනේ වාඩිවී සිටි සැකකරු එක්වරම එම රන්මාලය කඩා ගෙන බස් රථයෙන් පිටතට දිව ගොස් තිබේ.

එම ගුරුවරිය කෑ ගසන හඬ ඇසුණු බස් රථ කොන්දොස්තරවරයකු හා අනුරාධපුර පැරැණි බස් නැවතුම්පොළ ඉදිරිපිට ත්‍රීරෝද රථ ගාලේ පිරිසක් සැකකරු පසු පස ලුහුබැඳ ගොස් ඔහු අල්ලා ගෙන පොලිසියට භාර දීමට කටයුතු කළහ.

එම පිරිස අනුරාධපුර පොලිසියේ ස්ථානාධිපතිවරයාට දුරකථනයෙන් සිදු කළ දැනුම් දීමක් අනුව වහා එම ස්ථානයට පැමිණි අනුරාධපුර පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් පිරිසක් සැකකරුව අත්අඩංගුවට ගත්තේය.

මිහින්තලේ රංග චතූ

advertistmentadvertistment
advertistmentadvertistment