ඉදිරි කාලය අවදානම්…. සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්ගේ චක‍්‍ර ලේඛයෙන් ආසාදිතයන් යට යන්න පුළුවන්!

617

ප‍්‍රදීප් ප‍්‍රසන්න

‘‘ඉදිරි කාල සීමාව ඉතා අවදානම්. විශේෂයෙන්ම දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින් ම හමුවෙලා තියෙන ඩෙල්ටා ප‍්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරිලා මරණ ඇති වෙන්න පුළුවන්’’ යැයි ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා ‘දිවයින’ ට ඊයේ (01 වැනිදා* පැවසීය.

 එමෙන්ම පළාත් අතර සංචරණ සීමා නිසි ලෙස ක‍්‍රියාත්මක නොවන බවත්, සමහර ජනතාව මුව ආවරණ නොපැළඳ මහමඟ ගමන් කරන බවත් හෙතෙම කීය.

 මෙහිදී තවදුරටත් කතා කළ ඒ මහතා මෙසේද කීය.

 පළාත් අතර මේ වෙද්දී සංචරණ සීමා කිරීම් හෝ පරීක්‍ෂා කිරීම් නැහැ. ඒ වගේම මුව ආවරණ නොමැතිව ගමන් කරන පුද්ගලයන් මහමඟදී දක්නට ලැබෙනවා. ඒ වගේම මහජනතාව සාමාන්‍ය පරිදි හැසිරෙනවා.

 ඉදිරි කාල සීමාව ඉතාමත් ම අවදානම්. විශේෂයෙන් ම දිවයිනේ ප‍්‍රදේශ කිහිපයකින්ම හමුවෙලා තියෙන ඩෙල්ටා ප‍්‍රභේදය ඉතාම වේගයෙන් පැතිරිලා පුද්ගල මරණ ඇතිවෙන්න පුළුවන්. ඉන්දියාවේ අවසාන වශයෙන් ඇතිවෙච්ච අවාසනාවන්ත තත්ත්වයට මේ රටත් පත්වෙන්න පුළුවන්. ඒ වගේම ඩෙල්ටා ප‍්‍රභේදය පිළිබඳව සියලූම ප‍්‍රදේශවල නිසි පර්යේෂණ සිදුකරලා නිවැරදි සංඛ්‍යාලේඛන අපිට ලබාදෙන්න ඕනෑ. මේ පිළිබඳව පූර්ණ අවබෝධයකින් යුතුව නොවෙයි මේ වෙද්දී කොවිඞ් – 19 පාලන වැඩසටහන ක‍්‍රියාත්මක වෙන්නේ. ඒ වගේම සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයා විසින් මෘත දේහ සම්බන්ධව හා නිරෝධායනය සම්බන්ධව නිකුත් කරලා තියෙන චක‍්‍රලේඛ නිසා ආසාදිතයන් යටපත් වීමක් වෙන්නත් පුළුවන්.

advertistmentadvertistment
advertistmentadvertistment