ගුරුවරියගේ රන් මාලය කඩාගත් හොරා පාර වැරදී පොලිසියටම දුවලා

819

ගුරුවරියකගේ ගෙලබැඳි රන් මාලයක් ඊයේ (11 වැනිදා) දහවල් දෙනෝදාහක් බලාගෙන සිටියදී කඩාගෙන පලාගිය අයකු කලබලයට මග වැරදී බොරැල්ල පොලිසිය වෙතම දිවගොස් තිබේ.

මෙසේ පොලිසිය දෙසට පුද්ගලයෙක් දිවඑනු දුටු පොලිස් නිලධාරියෙක් එම පුද්ගලයා ගැන සැක සිතී අල්ලාගත් විට ඔහු අත රන් දම්වැලක් ද තිබී ඇත.

සැණින් කාරණය තේරුම්ගත් පොලිස් නිලධාරීන් සැකකරු අල්ලා ප්‍රශ්න කර තිබේ. මොහු මත් ලෝලියකු බව පොලිසිය පැවසීය.

පසුව ගුරුවරිය ද පැමිණ බොරැල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත. සිද්ධිය පිළිබඳ පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

නෝමන් පලිහවඩන


advertistmentadvertistment