ගුරු විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක‍්‍රලේඛය රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය මගින් ඊයේ (06 දා) නිකුත් කර ඇත.
2016 පෙබරවාරි 25 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 03/2016 සහ ඊට සංශෝධන වශයෙන් නිකුත් කරන ලද 2016 ජුලි 01 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 03/2016 (i) 2018 ජුනි 14 දිනැති රාජ්‍ය පරිපාලන චක‍්‍රලේඛ 03/2016 (iii) කෙරෙහි ද අවධානය යොමු කරමින් අමාත්‍යාංශ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා විසින් නව චක‍්‍රලේඛය නිකුත් කර ඇත.
ගුරු විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීම සම්බන්ධයෙන් 2021 අගෝස්තු 30 සහ 2022 ජනවාරි 03 දිනයන්හි පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වලදී එළඹි තීරණවලට ප‍්‍රකාරව ශ‍්‍රී ලංකා විදුහල්පති සේවයේ, ශ‍්‍රී ලංකා ගුරු උපදේශක සේවයේ හා ශ‍්‍රී ලංකා ගුරු සේවයේ පිළිවෙළින් GE 4- 2016, GE 3- 2016, GE 2 – 2016 හා GE 1 – 2016 යන වැටුප් පරිමාණ උපලේඛනයේ 1 හි දැක්වෙන පරිදි සංශෝධනයන් සිදුකර තිබේ.
ජාතික වැටුප් කොමිෂන් සභාවේ සහ මුදල් අමාත්‍යාංශයේ එක`ගතාව ඇතිව 2022 ජනවාරි 01 වැනිදා සිට මෙම චක‍්‍රලේඛය ක‍්‍රියාත්මක කෙරේ.
චමින්ද සිල්වා