සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න අධ්‍යක්ෂණය කළ, තිලංග සුමතිපාල නිෂ්පාදනය කළ ‘ගෞතම බුද්ධ මාතා’ සිනමාපටය අති සාර්ථක දින 100 පසුගියදා පසු කළේය. විදේශීය සහ දේශීය නළු නිළියන් විශාල පිරිසක් සම්බන්ධ කර ගනිමින් විශාල පිරිවැයක් සහිතව නිර්මාණය කළ ‘ගෞතම බුද්ධ මාතා’ සිනමාපටය බොක්ස් ඔෆීස් වාර්තා තැබූ සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ 26 වැනි සිනමා අධ්‍යක්ෂණය විය.
‘ගෞතම බුද්ධමාතා’ සිනමාපටය අති සාර්ථක ලෙස දින 100ක් සම්පූර්ණ කිරීම වෙනුවෙන් එහි අධ්‍යක්ෂක සම්මානිත මහාචාර්ය සුනිල් ආරියරත්න සහ එහි නිෂ්පාදක කණ්ඩායම පසුගියදා චිත්‍රපටය අති සාර්ථක ලෙස ප්‍රදර්ශනය කළ දිවයින පුරා පිහිටි සිනමාශාලා වෙත ගොස් එහි හිමිකරුවන්ට, කළමනාකරුවන්ට සහ සේවකයන්ට පෞද්ගලිකව ස්තූති කිරීමටත්, එම සිනමාශාලා සඳහා සියවැනි සැමරුම් තිළිණ ප්‍රදානය කිරීමටත් පියවර ගත්තේය.