මේ චතාරික කාලයයි. චතාරික සමයේ දේව මෙහෙයක් සඳහා පියතුමා දම්පාට පූජක ඇඳුම් භාවිත කරන බවත් පූජාසනය දම් පාටින් සරසන බවත් ඔබ දැක ඇත. චතාරික සමයේ දම් පාට භාවිත කරන්නට විශේෂ හේතුවක් තිබේද?
මෙම කාලය තුළ දී මෙන්ම ආගමන කාලය තුළදීත් දම් පාට භාවිත වේ. දම් පාට තුළින් පශ්චාත්තාපික දැක්ම නිරූපණය වන බවද චතාරික හා ආගමන සමයන්හි ද මෙම තේමාව අන්තර්ගත බව ද විශාරද මතයයි.
හේවායෝ කටු ඔටුන්නක් ගොතා උන්වහන්සේගේ හිසෙහි තබා නීල රක්ත වස්ත්‍රයක් උන්වහන්සේට පැලඳවූ බව ජුවාම් 19:2 හි සඳහන්ය. නීල රක්ත වර්ණ එක් වූ විට දම් පාට නිර්මාණය වේ. මාක් සුබාරංචියේ 15:17 හි ද නීල රක්ත වස්ත්‍රයක් හැඳවූ බව දක්වා තිබේ. උන්වහන්සේ පාළුකරයෙහි මුහුණ දුන් කඨෝර අත්දැකීම් රත් පැහැයෙන් ද අහස් තලයේ නීල වර්ණය නිල් පැහැයෙන් ද එම වර්ණ දෙකෙහි එක්වීම දම් පැහැයෙන් ද සංකේතවත් කෙරෙන බවද ඇතැම්හු දක්වා සිටිති. දම් පාට තුළින් උන්වහන්සේගේ සන්තාපය, කනස්සල්ල, මනස්තාපනය, අධික වේදනා හා කුරුසියේ මරණයේ අත්දැකීම් නිරූපණය කරන බවද පැවසේ.
කැලිස්ටස් ජයමාන්න හීන්කෙන්ද