චන්ද්‍රිකා-මෛත්‍රී හමුවක්

653

හිටපු ජනාධිපතිවරුන් වන චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය සහ මෛත්‍රීපාල සිරිසේන මහතා අතර විශේෂ සාකච්ඡාවක් පසුගියදා කොළඹදී පවත්වා තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉදිරි දේශපාලන ගමන්මග සහ පක්ෂය තුළ ඇති වී තිබෙන ගැටලු හා නඩු හබ ඉවත් කරගනිමින් ශක්තිමත්ව ඉදිරියට ගෙනයෑම සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡා කර ඇතැයි ශ්‍රී.ල.නි.පක්ෂයේ ජ්‍යෙෂ්ඨයෙක් ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවැසීය.

ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශක්තිමත් පක්ෂයක් ලෙස මුහුණදීම සඳහා ශ්‍රීලනිපය මෙහෙයවීමටත් සියලුම පක්ෂ ක්‍රියාකාරීන් එක මතයකට ගෙන ඒම සඳහා ගතයුතු පියවර පිළිබඳවත් මෙහිදී දෙදෙනාගේ අවධානයට යොමු වී ඇති බවද එම ජ්‍යෙෂ්ඨයා පැවසීය.

අරුණ බෝගහවත්ත


advertistmentadvertistment