කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩිකාවන් වෙන්දේසියේ දී ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගන්නා ලදී. මීට දින කිහිපයකට පෙර නිමා වූ ඔස්ටේ්‍රලියානු කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියේ වීරවරිය සම්මානයෙන් පිදුම් ලැබූ චමරි අතපත්තු මෙසේ කිසිදු කණ්ඩායමක් විසින් මිලදී නොගැනීම පිළිබඳව ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ මේ දිනවල බොහෝ අවධානයට ලක්වී ඇත.
බිග්බෑෂ් තරගාවලියේ දී සිඩ්නි තන්ඩර් කණ්ඩායම නියෝජනය කළ චමරි ඉනිම් 14 කදී ලකුණු 552 ක් රැස් කර තරගාවලියේ දෙවැනි වැඩිම ලකුණු ලාභිනිය බවටද පත්වූවාය.
පසුගිය වසරේ පැවැති ක්‍රීඩිකාවන් වෙන්දේසියේ දී ද මේ ආකාරයෙන්ම චමරි අතපත්තු මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් නොවූ අතර අතපත්තු ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික වටිනාකමක් හිමි කාණ්ඩයෙන් වෙන්දේසිය සඳහා මෙවර ඉදිරිපත්ව සිටියාය. ඉනෝකා රණවීර ඉන්දීය රුපියල් ලක්ෂ 30 ක මූලික වටිනාකමක් හිමි කාණ්ඩය යටතේ වෙන්දේසිය සඳහා ඉදිරිපත්ව සිටි නමුත් ඇයටද චමරිගේ ඉරණම අත් විය.