චමරි නමින් සිඩ්නි පිටියේ ප්‍රේක්ෂකාගාරයක්

320

ඔස්ට්‍රේලියාවේ සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ප්‍රේක්ෂකාගාරයක් ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩිකා චමරි අතපත්තු නමින් නම් කිරීමට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම තීරණය කර ඇත.

චමරි බේ (Chamari Bay) ලෙස එම ප්‍රේක්ෂකාගාරය නම් කෙරේ.

චමරි මේ වනවිට ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන බිග් බෑෂ් ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කරයි.

ලබන 26 වැනිදා සිඩ්නි ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වෙන බිග් බෑෂ් තරගය සඳහා මෙම නම් කිරීම සිදු කිරීමට සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායම තීරණය කර ඇත.


advertistmentadvertistment