චාමර සම්පත්ට ඇප

26

පෙර පාසල් දරුවන් සඳහා පාසල් බෑග් ලබාදීමට රාජ්‍ය බැංකුවක් විසින් ලබාදුන් රුපියල් ලක්ෂ 10ක් සාවද්‍ය පරිහරණය කළ බවට සහ ඌව පළාත් සභාවට ලක්ෂ 173ක පාඩුවක් සිදුකළ බවට චෝදනා ලැබ සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා ඇප මත මුදාහැරීමට බදුල්ල මහෙස්ත්‍රාත් නුජිත් ද සිල්වා මහතා ඊයේ (19දා) නියෝග කළේය.

පොදු දේපළ පනත යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම නඩුව ගොනුකර තිබුණු අතර තමා ඇප මත මුදාහරින ලෙස චාමර සම්පත් දසනායක මහතා ඉදිරිපත් කළ ඇප අයදුම්පතක් සලකා බැලූ බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණය විසින් රුපියල් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදාහැරීමට නියෝග කළේය.

ඒ අනුව චාමර සම්පත් දසනායක මහතාට එරෙහිව පනවා තිබුණු සියලු නඩුවලින් මේ වනවිට ඒ මහතා ඇප මත මුදාහැර ඇත.

ඒ අතර ඇප මත මුදාහැරිය චාමර සම්පත් දසනායක මහතා අධිකරණයෙන් පිටතට පැමිණි වහාම බදුල්ල නගරයේ ස්ථාපිත රණවිරු ස්මාරකයට මල් කළඹක් තබා උපහාර පුද කළේය.

බදුල්ල – එච්. එම්. සමරකෝන් බණ්ඩාර


advertistmentadvertistment