චීනයත් ඕනෑ යැයි විමල් කියයි

228


අපි දුෂ්කරතාවට ඇදවැටුණු හැම අවස්ථාවකම අපට උදව් කරපු අපේ මිත්‍රයෙක් වන චීනය අපේ රාජ්‍ය ව්‍යුහය කවර ආකාරයෙන් සකස් කළ යුතුද කුමන ආකාරයේ පාලන සංස්කෘතියක් යොදාගත යුතුද කියා කවදාවත් බලපෑම් කර නැතැයි ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය.
චීනය ලංකාව තුළ රාජ්‍ය නොවන සංවිධාන හදල ඒවට මුදල් වියදම් කරල රාජ්‍ය අස්ථාවර කරන්න, රාජ්‍ය බිඳවට්ටන්න කවර ආකාරයකින්වත් ක්‍රියා කරල නෑ. ඒ නිසා ශ්‍රී ලංකාව ආර්ථික වශයෙන් දුෂ්කරතාවට පත්වී ඇති මේ අවස්ථාවේත් අපට සහෝදරත්වයේ දෑත දිගුකළ හැකි රටවල් කීපය අතර එක රටක් වන්නේ චීනය යැයිද විමල් වීරවංශ මහතා ප්‍රකාශ කළේය.
ඒ මහතා මේ බව කියා සිටියේ මතබේදයට තුඩු දුන් චීනයේ යුවාන් වැන් 05 තාක්‍ෂණික
නෞකාව අද හම්බන්තොට වරායට පැමිණි අවස්ථාවේ එය පිළිගැනීමේ උත්සවයට එක්වෙමිනි.


advertistmentadvertistment