චීනයේ යුවාන් අගයත් පහත වැටේ

229

විදේශ මුදල් හුවමාරු කටයුතු පාලනය කරන ලෙස චීන මහජන බැංකුවේ නියෝජ්‍ය අධිපති ලියූ ගුවෝකියෑන් මහතා එරට විදේශ මුදල් හුවමාරු කමිටුවට දැනුම් දී ඇත. එසේ දැනුම් දී ඇත්තේ චීන යුවාන් හි අගය ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව පහත වැටීමකට ලක්ව ඇති නිසා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එසේ යුවාන් අගය පහත වැටීම අපනයන කටයුතු සඳහා බලපාන බව ද එකොනොමික් වාර්තා පවසයි. එසේම ලබන වසරේ ආර්ථිකය සදහාද මෙය බලපාන බව සදහන් කරයි. චීන රජය නිතරම තම ආර්ථිකය ශක්තිමත් යැයි කීම සදහා පවසන්නේ සිය මුදල් ඒකකය වන යුවාන් හි අගය ස්ථාවරව පවතින බවය.නමුත් මේ වනවිට යුවාන් හි අගය පහත වැටීමකට ලක්ව ඇතැයි චීන මහජන බැංකු වාර්තා අනුව හෙළිවන බවද විදෙස් මාධ්‍ය පවසයි.මෙම මස අගදී පැවැත්වෙන චීන 20වැනි ජාතික සම්මේලනයේ දී යුවාන් අගය පහත වැටීම සදහන් කිරීම ජනාධිපති ෂි ජින් පින් මහතාගේ කීර්තියට ද හානියක් යැයිද විදෙස් මාධ්‍ය සඳහන් කරයි. යුවාන් හි අගය පහළ යාමට බලපා ඇති ප්‍රධාන හේතු අතර කොවිඩ් වසංගතය සහ චීනය කොවිඩ් පාලනය සදහා අනුගමනය කරන දැඩි සෞඛ්‍ය නීති ද බලපා ඇති බව වාර්තාවේ.

advertistmentadvertistment
advertistmentadvertistment