චීන පොහොර නඩුවට ලොක්කා හිරේ

73

කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යංශයේ හිටපු අතිරේක ලේකම් මහේෂ් ගම්මන්පිල මහතාව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ ( 28 ) නියෝග කර තිබේ.

ඒ , 2021 වසරේ චීනයේ Qingdao Seawin Biotech සමාගමෙන් ගෙන්වූ පොහොර තොගයක් සම්බන්ධයෙන් ඔහු ලබා දුන් උපදෙස් හේතුවෙනි. එකී චෝදනාව මත අල්ලස් කොමිසම විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.                                                                       එම සමාගමෙන් ගෙන්වන ලද ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර තොගයකට අදාළව අත්හිටුවා තිබූ ණයවර ලිපි විවෘත කිරීමට උපදෙස් ලබාදීම නිසා, එම පොහොර තොගයෙන් 75%ක මුදලක්, එනම් ඇමෙරිකානු ඩොලර් මිලියන 6.9කට ආසන්න මුදලක් ගෙවීමට සිදුවීමෙන් රජයට පාඩු සිදු කිරීම එම චෝදනාවයි.

අදාළ කරුණු සලකා බැලූ  මහෙස්ත්‍රාත්වරයා , සැකකරු 2025 මැයි 05 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කර තිබේ.


advertistmentadvertistment