සූරියආරේ කාන්තාවකට ලිංගික අතවර කළැයි සෙබළා අත්අඩංගුවට

144

තණමල්විල පොලිස් වසමට අයත් කහකුරුල්ලන්පැලැස්ස සූරියආර ප්‍රදේශයේ පදිංචි තිස්තුන් හැවිරිදි කාන්තාවකට ලිංගික අතවර කළ හමුදා සෙබළෙකු ඉකුත් (07) වෙනිදා තණමල්විල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

අතවරයට පත්වූ කාන්තාවගේ ස්වාමිපුරුෂයා රක්ෂිත බන්ධනාගාරගතව සිටියදී සැකකාර විවාහක හමුදා සෙබළා ඇයට ලිංගික අතවර සිදුකළ බවට ඉකුත් 04 වෙනිදා සැමියා ඇප ලබා නිවසට පැමිණි අවස්ථාවේදී ඇය විසින් ඔහුට පවසා ඇත.

ඒ පිළිබඳව තණමල්විල පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව එම ගමේම පදිංචි පනාගොඩ හමුදා කඳවුරේ සේවය කරන තිස්එක් හැවිරිදි විවාහක හමුදා සෙබළා පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු වැල්ලවාය මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇත.

අනතුරට පත්වූ කාන්තාව වෛද්‍ය පරීක්ෂණයක් සඳහා තණමල්විල ප්‍රාදේශීය රෝහලට ඇතුළත්කර තිබේ.

තණමල්විල පොලිස් ස්ථානාධිපති ඩී.එම්.පී. බණ්ඩාර මහතා පරීක්ෂණ පවත්වයි.
බඩල්කුඹුර – රවිඳු ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment