මියන්මාරයේ ශ්‍රී ලාංකිකයන් ගැන මැතිසබේ කථා බහ

111

මියන්මාර් රැකියාවලට ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ශ්‍රී ලාංකිකයන් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්දැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.එම ශ්‍රී ලාංකිකයන් මාස හතරකට වඩා වැඩි කාලයක් තිස්සේ විවිධ වදහිංසාවලට ලක් වෙමින් සිටින බව කී කිරිඇල්ල මහතා මේ සම්බන්ධයෙන් රජය වහාම මැදිහත් වී කටයුතු කළ යුතුව ඇතැයි කීය.විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය තාරක බාලසූරිය මහතා පැවසූයේ මෙම ශ්‍රී ලාංකිකයන් පිරිස සිටින්නේ මියන්මාරයේ ත්‍රස්තවාදී පාලනයට නතුවූ ප්‍රදේශ වල බවයි.රජයට මැදිහත්විය හැක්කේ මියර්මාර් රාජ්‍ය සමඟ සාකච්ඡා කිරීමට පමණක් බව කී තාරක බාලසූරිය මහතා තායිලන්ත අගමැතිවරයා ලංකාවට පැමිණි විටත් මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ අතර එලෙස රඳවාගෙන සිටි ශ්‍රී ලාංකිකයන් හත් දෙනෙක් මේ වන විට නිදහස් කර තිබෙන බව සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment