ඉදිරි මැතිවරණය සඳහා මුද්‍රණ කටයුතු වෙනුවෙන් අවශ්‍ය මුදල් ඇස්තමේන්තු කිරීම සඳහා මූලික වැඩකටයුතු ආරම්භ කර ඇති බව රජයේ මුද්‍රණාලයාධිපති ගංගානි කල්පනා ලියනගේ මහත්මිය ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසුවාය.
එක් මැතිවරණයක් සඳහා නොව මැතිවරණ කීපයකට හෝ අවශ්‍ය මුද්‍රණ කටයුතු සඳහා රජයේ මුද්‍රණාලය සූදානමින් සිටින බවද ඇය කීවාය.
මැතිවරණය සඳහා ඇස්තමේන්තු සකස් කර අවශ්‍ය ඕනෑම මොහොතක උපදෙස් අනුව මුද්‍රණ කටයුතු සිදුකරන බවද ඇය සඳහන් කළාය.
නෝමන් පලිහවඩන