පවතින පළාත් පාලන ඡන්ද ක්‍රමය තුළ හැම ඡන්ද 200කටම අපේක්ෂකයකු ඉදිරිපත්ව ඇති බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (06දා) පැවසීය.
මිලියන 17කට වැඩි පිරිසකගේ ඡන්ද සඳහා අපේක්ෂකයන් 75,000ක් පමණ ඉදිරිපත් වී සිටින බවත් ඒ අනුව ඡන්ද 200කට එක් අපේක්ෂකයකු බැගින් ඉදිරිපත්ව ඇති බවත් පළාත් පාලන මැතිවරණයට ඡන්දය ප්‍රකාශ කිරීමට ඊයේ කොලෙජ් හවුස් වෙත පැමිණි අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා පැවසීය.
ඡන්දය ප්‍රකාශ කිරීමට ජනතාව උදය වරුවේත් දහවල් කාලයේත් පැමිණෙන බවත් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමට පැමිණෙනු ඇති බවත් ඔහු කීය. ඡන්ද ප්‍රතිශතය අඩුවීමේ හැකියාවක් පවතී දැයි මාධ්‍යවේදියකු කළ විමසීමේදී ඒ මහතා කියා සිටියේ තමා පමණක් නොව මාධ්‍යය ද එසේ ප්‍රකාශ කරන බවයි.
චමින්ද සිල්වා