ඉදිරි මාස 6 අමාරුයි: මොනදේ වුණත් අයි.එම්.එෆ්. යනවා – ජනපති කියයි

213

අපි එකම රෑනෙ කුරුල්ලෝ

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ඊයේ (05දා) පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදුකරන ලදී. ඡායාරූපයෙන් දැක්වෙන්නේ ජනාධිපතිවරයා, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, සජබ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම්, ආචාර්ය හර්ෂ ද සිල්වා සහ එජාප සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන යන මහත්වරුන් ඒ අවස්ථාවට එක්ව සිටි අයුරු.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ගැන යෝජනාව හොඳ හෝ නරක වුවද, කවුරුන් කැමති හෝ අකමැති වුවද රට මුහුණදී ඇති ආර්ථික අර්බුදයෙන් නැවත නැගීසිටීමට එය ක්‍රියාත්මක කළ යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඒ සඳහා යම් පාර්ශ්වයක් විරුද්ධ වන්නේ නම් ඊට ඔවුන්ගේ විකල්ප යෝජනා මොනවා දැයි ප්‍රශ්න කිරීමට රජයට අයිතියක් ඇති බවද ජනපතිවරයා කියා සිටියේය.

කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී ඊයේ (05දා) පැවැති ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ පිළිබඳ පර්යේෂණ වාර්තා එළිදැක්වීමේ සහ විද්වත් කථිකාවේ ආරාධිත දේශනය පවත්වමින් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේය. ඇඩ්වකාටා ආයතනය මගින් මෙම සමුළුව සංවිධානය කර තිබිණි.

පැරණි ආර්ථික මොඩලය තවදුරටත් අපට භාවිතා කළ නොහැකි බවත් නව්‍ය ලෙස සිතමින් ගෝලීය වෙනස්වීම් පිළිබඳ කඩිනම් අවධානය යොමු කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

මුලින්ම ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුමක් ඇති කර ගත යුතු බවත් දෙවනුව වඩාත්ම වැදගත් වන්නේ තිරසර ණයක් ලබා ගැනීම බවත් ජනාධිපතිවරයා කීවේය.

මෙම ණය ලබා ගැනීම පිළිබඳ යමෙකුට යෝජනා තිබේ නම් එය පහසු වනු ඇති. ඇත්ත වශයෙන්ම මම හිතන්නේ අප එම යෝජනාවලට ඇහුම්කන් දිය යුතුයි. පාර්ලිමේන්තුවට මෙම යෝජනා පිළිබඳ තීරණයක් ගත හැකියි යැයි ද ජනාධිපතිවරයා කීවේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ ද කියා සිටියේය.

රජයන්, රාජ්‍ය ප්‍රතිපත්තීන් වෙනස්වීම ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා පැවැත්වීමේදී අපට මුහුණපෑමට සිදුවන මූලික ගැටලුවක්. නිසැකවම ඉදිරි මාස 06 තුළදීත් අපට දුෂ්කරතාවන්ට මුහුණදීමට සිදුවනවා. ආර්ථික අර්බුදය හමුවේ පීඩාවට පත්වන ජනකොටස් කෙරෙහි අවධානය යොමුකළ යුතු බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ද පිළිගන්නවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment