ඡන්ද වියදම් වාර්තා භාරදීමේ කාලය අදින් අවසන්

4

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළ මැතිවරණ ප්‍රචාරණ ආදායම්, වියදම් වාර්තා භාරදීම සඳහා ලබාදී තිබූ කාලය අදින් (27දා) අවසන් වන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.

ඒ සම්බන්ධයෙන් සියලු දේශපාලන පක්ෂ ලේකම්වරුන්ට, අපේක්ෂකයන්ට හා ස්වාධීන කණ්ඩායම්වලට ද දැනුම් දී ඇතැයි එම කොමිසම පවසයි.

මැතිවරණයට අදාළ ප්‍රචාරණ ආදායම් සහ වියදම් වාර්තා ඒ ඒ දිස්ත්‍රික්කවල තේරීම් භාර නිලධාරීන්ට ලබාදිය යුතුව තිබූ බව පවසන මැතිවරණ කොමිසම 2023 අංක 03 දරන මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයන් මැතිවරණ ප්‍රචාරණ ආදායම් හා වියදම් වාර්තා වෙන වෙනම ඉදිරිපත් කළ යුතුව තිබූ බවද කියා සිටී.

සුජීව තත්සර


advertistmentadvertistment