SLIM, ශ්‍රී ලාංකේය කීර්තිනාමය ඉහළ නංවාලීමේ අරමුණින් Brand Sri Lanka Creation Symposium දියත් කරයි

26

ලෝකයේ අනෙකුත් රටවල් අතර ශ්‍රී ලාංකීය සන්නාමය ඉහළ නැංවීමේ අරමුණ පෙරදැරි කොටගෙන, ශ්‍රී ලාංකීය අලෙවිකරුවන් සඳහා වන ජාතික ආයතනය වන, Brand Sri Lanka Creation Symposium වැඩසටහන පසුගියදා කොළඹ කිංග්ස්බරි හෝටලයේදී උත්සවාකාරයෙන් දියත් කරන ලදී.

මෙම සමාරම්භක උත්සවය සඳහා වෙළෙඳ සන්නාම විශේෂඥයන් ව්‍යාපාර නායකයින්, සහ ප්‍රතිපත්ති සකස් කිරීමේ නියැලෙන පුද්ගලයින් සහභාගී වූ අතර, ශ්‍රී ලාංකීය නාමය ලෝකය ඉදිරියේ කැපී පෙනීමට දියත් කළ හැකි නව්‍ය අදහස් සහ උපාය මාර්ග පිළිබඳ සාකච්ජාවට බඳුන් විය.

පැමිණි සිටින පිරිස පිළිගනිමින්, SLIM සභාපති නුවන් ගමගේ මහතා සඳහන් කළේ, පසුගිය දශක තුළ ජාතියක් වශයෙන් අපගේ කීර්ති නාමයට බලපෑම් ඇති වුවද, බලවත් ජාතියක් ලෙස ලෝකය හමුවේ අපගේ අනන්‍යතාව තහවුරු කරගනිමින් එය නිවැරදි මාවතට ගෙන ඒම සඳහා අවශ්‍ය සම්පත් අප සතු අතර එය අලෙවිකරණ වැඩසටහනකින් ඔබ්බට ගිය ශක්තිමත් උපාය මාර්ගයක් විය යුතු බවයි..

වැඩි දුරටත් අදහස් දැක්වූ නුවන් ගමගේ මහතා සඳහන් කර සිටියේ ගෙවුණු මාස ගණනාවක් තිස්සේ එවැනි ජාතික සන්නාම උපාය මාර්ගයක අවශ්‍යතාව පිළිබඳ දැනුවත් කිරීමට SLIM අප විසින් උත්සාහ කළා. ලෝකය ඉදිරියේ අප සැබැවින්ම ස්ථානගත වී ඇත්තේ කොතැනකද යන වග අවබෝධ කර ගැනීමට අපට ගෝලීය සමීක්ෂණයක් දියත් කිරීමට සිදු වුණා. ඉදිරි දශක කිහිපය තුළදී, ශ්‍රී ලාංකීය සම්පත්වලට ඉතා හොඳ වටිනාකමක් ලබා දෙමින්, ලංකාවට මෙන්ම ලෝකයටම අදාළ තිරසාර සංවර්ධනය හා ආශ්‍රිත විවිධ ගැටළුවලට විසඳුම් ලබා දීම හරහා මුළු ලෝකයම ඉදිරියේ ශ්‍රී ලාංකේය අනන්‍යතාවය වෙනම මුහුණුවරකින් ස්ථාපිත කිරීමට බලයේ සිටින ඕනෑම කණ්ඩායමකට සහය වීමට අප උත්සහ කරනවා.

advertistmentadvertistment
advertistmentadvertistment