ජනතාව සහ ජාත්‍යන්තරය ඉල්ලන ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ පිළිගතහොත් රට ගොඩගැනීමට හැකි බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.
විපක්ෂ නායක කාර්යාලය ඊයේ (31) පැවති මාධ්‍ය හමුවේ දී අදහස් දැක්වූ හෙතෙම මේ බව කී අතර එහිදී වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.
අද රට මුහුණපෑමට සිදු වෙලා තිබෙන ආර්ථික ව්‍යසනය අපි අවුරුදු එක හමාරකට කලින් දැක්කා. එහිදී විපක්ෂ නායකතුමා විපක්ෂයේ අනෙකුත් දේශපාලන පක්ෂ ,ආර්ථික විශේෂඥයන් සියලු දෙනාම අනතුරු ඇඟවීමක් කළා. නමුත් ආණ්ඩුව තුට්ටුවකට ගණන් ගත්තේ නෑ . රුපියල් ,ඩොලර් බිංදුවට වැටෙන කන් බලාගෙන හිටියා. මුදල් ඇමතිවරයෙක් හිටියා පාර්ලිමේන්තුව පැත්ත පලාතේ ආවේ නෑ . අද ඩොලරුත් නෑ රුපියලුත් නෑ. හැබැයි ආණ්ඩුව හීන දකිනවා ඩොලර් එනවා කියලා.
පළමුදා එක්තරා අමාත්‍යංශයක් කිව්වා ලෝක බැංකුව විසින් ඇමරිකානු ඩොලර් මිලියන 700ක් ලබා දෙනවා කියලා .නමුත් පැය 24ක් ගියෙත් නෑ ලෝක බැංකුවත් නිවේදනයක් නිකුත් කරමින් එහෙම කිසිම දෙයක් නෑ ලංකාවට ආධාර ලබා දෙන එක ගැන තවමත් සාකච්ඡා පටන් ගෙනත් නෑ කිව්වා .
අද මේ රටේ තත්ත්වය මොකක්ද
පසුගිය මාස 3 න 4 තුළ අර්බුදයේ උච්චතම අවස්ථාවේ මතක් කරන්න කාරණා දෙකක් තියෙනවා. ඇයි අපට ආධාර නොදෙන්නේ ?
දැන් හැමදාම පත්තරේ බැලුවොත් අපේ රටේ නායකයෝ විවිධ රටවල් වලින් විවිධ ආයතන වලින් ආධාර ඉල්ලනවා. නමුත් අද වෙන තෙක් සිල්ලර ආධාර ලැබෙනවා නමුත් රට ගොඩගන්න පුළුවන් ආධාර ලැබුණේ නෑ හේතුව මොකක්ද ලෝක බැංකුවේ ප්‍රකාශනය, එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශනය, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ප්‍රකාශනය බලන්න මොකද ලංකාවට ආධාර දෙන්න කාරණා දෙකක් ඉටු කරන්න ඕන කිව්වා. ඉන්න එකක් තමයි අපේ රටේ ආර්ථික ප්‍රතිසංස්කරණය ආදායම වියදමට වඩා තුන් ගුණයක් වැඩි එයට විසඳුමක් දිය යුතුයි. දෙවැනි එක දේශපාලන ප්‍රතිසංස්කරණ ඒවා ඉදිරිපත් කළ යුතුයි කොච්චර ණය ඉල්ලුවත් අවශ්‍ය ආර්ථික දේශපාලන ප්‍රතිසංස්කරණ ජාත්‍යන්තරයට දෙන්න ඕන එහෙම නැතුව ආධාර දෙන්නේ නෑ .ඒවා ජනතාවත් ඉල්ලනවා ජනතාව ඉල්ලන ආර්ථික සහ දේශපාලන ප්‍රතිසංස්කරණ වියයුතුයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් පමණයි රටක් ගොඩ ගන්න ආධාර දෙන්නේ. එම නිසා ඉහත කියපු කාරණා දෙක සම්බන්ධයෙන් සැලැස්මක් ඉදිරිපත් කරලා ඒ අයත් එක්ක සාකච්ඡා කරලා පිළිගත්තට පස්සෙ තමයි රට
ගොඩගන්න පුළුවන් ආධාරයක් ලැබෙන්නේ මාධ්‍ය වලින් එම කරුණු ඉස්මතු වෙලා නැහැ.
අපි පාර්ලිමේන්තුවේදීත් මෙම යෝජනා ගැන කිව්වා නමුත් තවම ඉදිරිපත් කරලා නැහැ මොකද අපිටත් ඕන මිනිස්සු විඳින දුකෙන් රට බේරගන්න නමුත් අපි ඒක කියවලා බලලා හොඳයි කියලා අපේ අවශ්‍ය සහයෝගය ලබා දෙනවා ජනතාව වෙනුවෙන් .නමුත් තවම ඉදිරිපත් කරලා නෑ අපා ප්‍රාර්ථනා කරනවා 07 වැනිදා පාර්ලිමේන්තුව පටන් ගත්තට පස්සේ රට ගොඩගන්න ආර්ථික ප්‍රතිසංස්කරණ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් රජය ප්‍රකාශයක් කරයි කියලා .මොකද හීන දැක්කට ඩොලර් එනවා කියලා ඒවා ඉෂ්ට වෙන්නේ නැහැ.
මෙහිදී අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා-
රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හැමදාම මාධ්‍යයට ඇවිත් කියන්නේ මොකක්ද ?නාලිකා වල පත්තරේ විස්තරේ අවසන් වුණාට පස්සේ ඇතැම් නාලිකා වල ජෝතීර්වේදීයෙක් ඇවිත් අනාගතයේ මෙහෙම වෙනවා අද මෙහෙම වෙනවා කියනවා. අද සුබවාදී ද ? අසුබවාදී ද කියලා කියනවා. අද රනිල් වික්‍රමසිංහ මහත්මයා ජෝතීර්වේදියෙක් වෙලා .මේ රටේ අමාරුකම් ගැන කන්න නැති වීම ගැන, ඉන්ධන නැතිවීම් ගැන, බෙහෙත් එන මාසයේ නැති වෙනවා කියනවා. මෙවැනි අනාගතය ගැන අඳුනකින් බලලා රට ගොඩගන්නවා කියලා ආර්ථිකය ගොඩ ගන්නවා කියලා ආපු රාජපක්ෂවරුන්ගේ ඩීල් අගමැතිවරයා අද රටේ ජනතාව බය කරනවා. එහිදී ජනතාවගෙන් මම අහනවා ඔබ මේක ද බලාපොරොත්තු වුණේ කියලා .09 වෙනිදා මතක ඇති රාජපක්ෂවරුන්ගේ බං කර අද ඒ රාජපක්ෂවරු එළියට ඇවිල්ලා බය, සංකාව ඉවත් වෙලා. තමන්ගේ ආරක්ෂාව සුරක්ෂිතභාවය තහවුරු කරගෙන නැවත කාලකන්නි විදියට රනිල් වික්‍රමසිංහගේ සහයෝගය මත රට විනාශ කරන්න කටයුතු කරනවා.
අකිත පෙරේරා