ජනපතිගේ හිත ගන්න මන්ත්‍ර ගුරුකම් කළ මාලදිවයින් ඇමැති 2ක් අත්අඩංගුවට

333

මාලදිවයින් ජනපති මොහොමඩ් ටුයිසුගේ වැඩි අවධානය දිනා ගැනීම වෙනුවෙන් මන්ත්‍ර ගුරුකම් කළ මාලදිවයින් ඇමතිවරුන් දෙදෙනකු එරට පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ පරිසර ඇමැති ෆාතිමා අලි සලීම් හා ඇගේ හිටපු සැමියා වන ජනපති කාර්යාල ඇමැති ඇඩම් රමීස් යන දෙදෙනායි.

මේ ඇමැතිවරුන් දෙදෙනාම ජනාධිපතිවරයාගේ කිට්ටු සගයන් ලෙස කාලයක් තිස්සේ කටයුතු කරන දෙදෙනෙකි.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදුකර ඇත්තේ කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණයකින් පසුවය. මෙම සිද්ධිය මාලදිවයිනේ කැලඹීමක් ඇති කරන ප්‍රවෘත්තියක් වී තිබේ.

ජනපතිවරයා මේ අත්අඩංගුවට ගැනීම් ගැන මෙතෙක් නිවේදනයක් කර නැත.

මෙම අත්අඩංගුවට ගැනීම් සිදුව ඇත්තේ පසුගිය සතියේදීය.

චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment