ජනපතිවරණයට තරග කරන බව රනිල් ලබන මාසයේ කියාවී – සජබ මන්ත්‍රීවරුන් රැසක් ජනපති සමග එක්වෙනවා

119

“ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නිල වශයෙන් තරග කරන බව ලබන මාසයේ නිල වශයෙන් ප්‍රකාශ කරනවා” යැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා ඊයේ (21දා) පැවසීය.

එහිදී ජනාධිපතිවරයා එක්සත් ජාතික පක්ෂය හෝ වෙනත් පක්ෂයක් මූලික කර ගනිමින් නොව සියලු දෙනාටම එකඟ විය හැකි එක්විය හැකි ජාතික අපේක්ෂකයකු ලෙස තරග කරන බව ද ඇමැතිවරයා කීය. පළමුවෙන් පවත්වන්නේ ජනාධිපතිවරණය බව පැවසූ අමාත්‍යවරයා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරියේදී රනිල් වික්‍රමසිංහ මහතා සමග එක්වීමට සාකච්ඡා කර තිබෙන බව ද පැවසීය. එම මාධ්‍ය හමුවේදී ඔහු වැඩිදුරටත් මෙසේද කීය.

රටේ සියලු දෙනාගේම අවධානය පවත්වන පළමු මැතිවරණය කුමක්ද කියන එකයි. මේ රටේ පවත්වන්නට නියමිතව තිබෙන්නේ පළමුවෙන්ම ජනාධිපතිවරණයයි. ඒ වෙනුවෙන් අපිත් අනෙකුත් පක්ෂත් සූදානම් වන බව පේනවා. වර්තමාන ජනාධිපතිතුමන් නැවත වරක් ජනාධිපති කරවීම වෙනුවෙන් අපි සියලු කටයුතු සූදානම් කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා ඡන්දෙ ඉල්ලන්නේ නැහැ කියා කැට තියලා කියන බව සමහර අය කියනවා. සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විශාල පිරිසක් ඉදිරියේදී අප සමග එකතු වෙන්න සාකච්ඡා කර තියෙනවා. සමහර අය කණ්ඩායම් වශයෙනුත් එකතු වේවි. ඒ වගේම සන්ධාන ගතවීමක් යම් ආකාරයකට සිද්ධ වේවි. සජිත් ප්‍රේමදාසට පක්ෂයක් විදියට මේ ගොන් වැඩේ කරන්න එපා කියා සජිත් ප්‍රේමදාසත් එක්ක පක්ෂයම එකතු කරගෙන එන්න උත්සාහ කරන කණ්ඩායමකුත් ඉන්නවා. ඒ උත්සාහය ගණන් ගන්නේ නැතිනම් සජිත් ප්‍රේමදාස මහත්මයාගෙන් ඒ පිරිස වෙනම ගැලවිලා එන්නත් ඉඩ තියෙනවා.

අකිත පෙරේරා

advertistmentadvertistment
advertistmentadvertistment