ජනපති කපුකමකට සැරසෙයි

842

දැඩි විරසකභාවයකට ලක්වී සිටින බැසිල් රාජපක්ෂ සහ නිමල් ලන්සා ප්‍රමුඛ කණ්ඩායම එක්සත් කිරීමේ සාකච්ඡා ආරම්භ කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මූලික වී ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.ජනාධිපතිවරයාගේ ප්‍රචාරක කමිටුව මේ වනවිට දෙවරක් රැස්වී ඇති අතර එම අවස්ථා දෙකේදීම නිමල් ලන්සා ඇතුළු පිරිස සහභාගී නොවී වර්ජනය කරනු ලැබ තිබේ. බැසිල් රාජපක්ෂ සහභාගී වන කිසිදු සාකච්ඡාවකට තමන් සම්බන්ධ නොවන බවට නිමල් ලන්සා පැවසීම ඊට හේතුව වී ඇත.මෙම තත්වය හමුවේ එක්සත්ව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීම වෙනුවෙන් නිමල් ලන්සා ඇතුළු පිරිස සහ බැසිල් රාජපක්ෂ එක සාකච්ඡා මේසයකට ගෙන ඒමේ අතරමැදියෙකු ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ක්‍රියා කරමින් සිටින බව වාර්තා වේ. එම එක්සත් කිරීමේ සාකච්ඡා යම් ප්‍රගතියක් ලබා තිබෙන බවත් නිමල් ලන්සා ඇතුළු පිරිස නැවත මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කිරීමට එකඟ වී ඇති බවත් වාර්තා වේ.

advertistmentadvertistment
advertistmentadvertistment