ජනපති යළි රට යයි

159


ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට අළුයම දිවයිනෙන් පිටත්ව යාමට නියමිතය.
සිය දෙදින ජපාන නිල සංචාරයේ දී ජපානයේ හිටපු අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ මහතාගේ අවමංගල්‍ය උත්සවයට ද ජනාධිපතිවරයා සහභාගීවන අතර ජපාන අග්‍රාමාත්‍යවරයා, විදේශ අමාත්‍යවරයා මෙන්ම මුදල් අමාත්‍යවරයා සමග ද ද්වි පාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇත.
අනතුරුව ආසියානු සංවර්ධන බැංකු අධිපතිවරුන්ගේ රැස්වීමේ මුලසුන දැරීමට සැප්තැම්බර් 28වන දා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පිලිපීනය බලා පිටත්ව යාමට නියමිතය.
එහිදී ජනාධිපතිවරයා පිලිපීන ජනාධිපති බොංබොං මාකෝස් මහතා සමග මෙන්ම ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති සත්සුගු අසකාවා මහතා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිය ජපාන සහ පිලිපීන නිල සංචාරය නිමා කර මෙම මස 30 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.


advertistmentadvertistment