කුකුළු පාලන කර්මාන්තය අනතුරේ

134


කුකුළු පාලනයට අවශ්‍ය මව් සතුන් ආනයනය කරන ප්‍රමාණය විශාල ලෙස අඩුවී ඇත.ඒ අනුව මව් සතුන් ආනයනය 80,000 සිට 10,000 දක්වා පහත වැටී තිබේ .කුකුළු මස් හා බිත්තර නිෂ්පාදන අංශයෙන් පසුගිය කාලය තුළ ශ්‍රී ලංකාව ස්වයංපෝෂිත තත්ත්වයට ළඟා වී තිබුණත් වර්තමානයේ ආර්ථික අර්බුදයත් සමඟ සත්ව ආහාර සඳහා යොදා ගන්නා ද්‍රව්‍යවල සහ ඖෂධවල මිල ඉහළ යාමත් නිසා මෙම තත්ත්වය මතුව ඇතැයි හෙළිවී ඇත.බැවින් කුකුළු පාලන කර්මාන්තයේ අනාගතය පිළිබඳව සතුටු විය නොහැකි බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment