ඩයලොග් ආසියාටා සමාගමේ අනුග්‍රාහක ශක්තිය ඇතිව ශ්‍රී ලංකා පාසල් රග්බී පාපන්දු සංගමය විසින් මෙහෙයවන “ජනාධිපති අභියෝග කුසලාන” ප්‍රමුඛ පෙළ පාසල් අවුරුදු 19 න් පහළ පිළිමළුන් පිටුදැකීමේ රග්බි පාපන්දු තරගාවලියේ අර්ධ අවසන් පූර්ව තරග අද (03දා) සහ හෙට (04දා) පැවැත්වේ.
දේශීය පාසල් පද්ධතිය තුළ වාර්ෂිකව ක්‍රියාත්මක කෙරෙන ප්‍රමුඛතම හා එකම පිළිමළුන් පිටුදැකීමේ රග්බි පාපන්දු තරගාවලිය මෙය වන අතර එහි මූලික වටය ඉකුත් 25, 26 සහ 27 ක්‍රියාත්මක කෙරුණි.
එම තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කර ගනිමින් අර්ධ අවසන් පූර්ව වටයට වරම් ලබා ගැනීමට කොළඹ වෙස්ලි, ගල්කිස්ස ශාන්ත තෝමස්, කොළඹ ඩී. එස්. සේනානායක, බම්බලපිටිය ශාන්ත පීතර, කොළඹ ඉසිපතන, මහනුවර ත්‍රිත්ව, කොළඹ සහිරා සහ කොළඹ රාජකීය යන විදුහල් සමත් විය.
තරග සැළසුමට අනුව සෙනසුරාදා ක්‍රියාත්මක කෙරෙන තරග ආශ්‍රිතව ජයග්‍රාහී දෙපිල පළමු අවසන් පූර්ව සටනට සුදුසුකම් ලබන අතර දෙවන අවසන් පූර්ව සටනට වරම් ලබන දෙපිල ඉරිදා පැවැත්වෙන තරග ආශ්‍රිතව තෝරා ගැනේ.
අර්ධ අවසාන පූර්ව තරග සැළසුම
සෙනසුරාදා (03)
ශාන්ත පීතර සහ සහිරා අතර කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී
ත්‍රිත්ව සහ ශාන්ත තෝමස් අතර හැව්ලොක්ස් පිටියේ දී
ඉරිදා (04)
ඩී. එස්. සේනානායක සහ රාජකීය අතර කොළඹ හැව්ලොක්ස් පිටියේ දී
වෙස්ලි සහ ඉසිපතන අතර
කොළඹ රාජකීය ක්‍රීඩා සංකීර්ණ පිටියේ දී
අනුරුද්ධ හේරත් බණ්ඩාර