ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථීර තැන්පතුව යළි ලබා දෙන්න

6091

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරන ලද ස්ථාවර තැන්පතුව නැවත ලබාදීම දැන් කාලෝචිත යැයි සිතමි. එය බැංකු පොලිය 27%ක් දක්වා යාමේදී 15% කුමක්ද? එවිට ස්ථාවර තැන්පතුවට 15%ක් දීම අවලංගු කරන ලදී.

ජ්‍යෙෂ්ඨ පුරවැසියන් වන අපට සොච්චම් මුදලක් පමණක් අනාගතයට ඉතිරි වී තිබේ. එය බැංකුවේ දැමූ විට ලැබෙන පොලියෙන් මාසයේ විදුලි බිල් ගෙවීමටවත් ටෙලිෆෝන් බිල ගෙවීමටවත් ඒ සොච්චම් පොලිය ප්‍රමාණවත් නොවේ. ජීවත් වන්නට ක්‍රමයක් නොලැබ පාසලකින් විශ්‍රම ලැබූ විදුහල්පතිවරයෙක් කඩයක සොච්චම් මුදලකට බඩු කිරන කතාවක් පසුගියදා අසන්නට ලැබුණි. දරුවන් හතර පස් දෙනෙක් සිටින පවුලක් විශ්‍රාම පඩියෙන් කෙසේ නම් දිවි ගෙවන්නද?

එසේ පෞද්ගලික ආයතනවල සහ රජයේ දෙපාර්තමේන්තු හැර අනෙකුත් රජයේ ආයතන වල සේවය කරන්නන්ට මාසිකව ලැබෙන විශ්‍රාම වැටුපක් නැත. ඔවුන්ට තිබෙන්නේ EPF, ETF මගින් ලැබෙන මුදල් සොච්චමකි. එය ජීවිත කාලය පුරාවටම සේවය කර ගෙවල් දොරවල් සාදා ගැනීමට වැයකර ඉතිරි වූ සොච්චම බැංකු පොතට දමාගනී. ඒ සොච්චම් මුදලට හරි පොලියක් ලැබෙන්නේ නැති නම් පවුලේ සැම එක් වී වස කනවා හැර වෙන කුමක් කරන්නද?

දැන් ජීවත්වීම අපහසුය. මා උදාහරණයක් කියන්නම් රු.1,500,000/-ක ස්ථාවර තැන්පතුවක් දමන කෙනෙකුට ලැබෙන පොලිය වන්නේ මාසයකට රු. 11,000/-ක පමණ සොච්චම් මුදලකි. එය ජීවත්වන්නට විදුලි බිල්, ටෙලිෆෝන් බිල් සහ ජල බිල් ගෙවීමටත් මදිය. සාමාන්‍යයෙන් දෙදෙනෙකුගෙන් යුත් පවුලක මෙම බිල්වල එකතුව රු.13,000/-ක් පමණ වේ. එවිට ජීවත්වන්නට මුදලක් නැත. දැන් කරන්නට තිබෙන්නේ කුමක්ද? විදුලිය කපා දැමූ විට ජල සැපයුම නැවැත් වූ විට පවුලේ සැවොම වස ටිකක් කා මියැදීම මිස වෙන කුමක් කරන්නද? දැන් ජීවත්වීම අපහසුය. දරිද්‍රතාව ඉතා ඉහළ මට්ටමක පවතී.

දැන්වත් පාලකයින්, ඇස් හැර බලනු! ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට තිබුණු ස්ථාවර තැන්පතු පොලිය 15%ක් ්නොව 25%ක් වත් ලැබෙන අයුරු ක්‍රමයක් සැකසෙන්නේ නම් එය ඉතා අගනේය.

ඇඟට හයිය හත්තිය තිබෙනවා නම් කමක්ද නැත. මොනයම් හෝ රැකියාවක් කළ හැකිය. එහෙත් වයෝවෘධ අප ඒ දරිද්‍රතාවයට මුහුණ දෙන්නේ කෙසේද? මට කියන්න තියෙන්නේ පෙමණයි. බලන් කඩතුරා හැර දෑසේ!

ඩී.එම්. චන්ද්‍රසිරි බණ්ඩාර දසනායක
පොල්ගහවෙල

advertistmentadvertistment
advertistmentadvertistment