ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදී ඒ. ඩී. රංජිත් කුමාර අභාවප්‍රාප්ත වෙයි

124

ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාවේදියකු වූ සරසවිය සිනමා පුවත්පතේ හිටපු කර්තෘවරයකු වූ ඒ. ඩී. රංජිත් කුමාර මහතා ඊයේ (10 දා) අභාවප්‍රාප්ත විය.

ප්‍රවීන ගායන ශිල්පිනී දමයන්ති ජයසූරිය මහත්මියගේ ස්වාමි පුරුෂයා වූ රංජිත් කුමාර මහතා සරසවිය පුවත්පතේ වත්මන් කර්තෘ නුවන් නයනජිත් කුමාරගේ පියාණන්ද වේ.

ඔහු කොළඹ කේරි විද්‍යාලයේ හා ආනන්ද විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි. මියයන විට 77 වැනි වියේ පසුවූ රංජිත් කුමාර මහතා සුමති ටෙලි සම්මාන උළෙලේ ප්‍රධාන සංවිධායක ලෙස වසර ගණනක් කටයුතු කළේය. දේහය ගල්කිස්ස මහින්ද මල් ශාලාවේ අද (11 දා) උදේ 10 දක්වා තැන්පත් කර ඇති අතර දේහය අවසන් ඉල්ලීම පරිදි කොතලාවල වෛද්‍ය පීඨය වෙත භාරදීමට නියමිතය.

කොස්ගස් හන්දියේ කොලු ගැටයා, ගාමිණී ෆොන්සේකා චරිතාපදානය ඇතුළු පොත් කිහිපයකම කතුවරයා වූ රංජිත් කුමාර මහතා චිත්‍රපට රාශියක නාමාවලිය හා තිරකතා රචනයෙන්ද දායක වූ සිනමා මාධ්‍ය පිළිබඳ හසල දැනුමක් තිබූ ලේඛකයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment