ජාඇල රියැදුරු පාසලකින් යාචකයන් 60 දෙනකුගේ කොණ්ඩ රැවුල් කපා පිරිසිදු කරයි

3

වෙසක් උත්සවයට සමගාමීව දෙවැනි වරටත් සහන රියදුරු පාසලේ මූලිකත්වයෙන් කැලණිය, පෑලියගොඩ, වත්තල, මරදාන හා කොළඹ කොටුව යන ප්‍රදේශවලින් පාරේ සිටින යාචකයන් 60 දෙනෙකු එකතුකරගෙන ඔවුන්ව සුඛෝපභෝගී බස් රථයකින් ජාඇල සහන රියදුරු පාසලට ගෙන එන ලදී.

අනතුරුව එම පාසලේ ප්‍රධාන කාර්යාලයේදී තේ පැන් සංග්‍රහයක් සිදුකර ඔවුන්ගේ කොණ්ඩ හා රැවුල් කපා නහවා පිරිසිදු කර අලුත් ඇඳුම් අන්දවා දහවල් ප්‍රණීත ආහාර වේලකින් සංග්‍රහ කිරීමේ පුණ්‍ය කටයුත්තක් සහන රියැදුරු පාසලේ අධිපති සහන තෙන්නකෝන් මහතාගේ පූර්ණ දායකත්වයෙන් පසුගියදා සිදු කෙරිණි.

මෙම කොණ්ඩ හා රැවුල් කපා නාවා පිරිසිදු කිරීමේ කටයුතු සඳහා සහන තෙන්නකෝන් මහතා ඇතුළු කොණ්ඩා කපන ශිල්පීන් 08 දෙනකු සහභාගී විය.

මෙහිදී තෙන්නකෝන් මහතා යාචකයන්ගෙන් ඉල්ලා සිටියේ මෙම යාචක ජීවිතයෙන් මිදී යහපත් රැකියාවක් කර සමාජයේ හොඳ මිනිසෙකු ලෙස ජීවත් වී රටට සේවයක් කරන ලෙසයි.

ගම්පහ සමූහ – සුසිල් රණමුක


advertistmentadvertistment