නෙට්බෝල් රැජන සම්මානය දිනී දිනා ගනී
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ජාත්‍යන්තර පාසල් කණ්ඩායම් 15 ක් අතර පැවැති අන්තර් පාසල් 14න් පහළ නෙට්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල සමත් වූයේය.
අවසන් මහා තරගයේදී කොළඹ වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලට එරෙහිව ලකුණු 10 – 8 ක ජයග්‍රහණයක් ලබමින් කොළඹ ගේට්වේ පාසල එම ශූරතාවයට හිමිකම් කීය.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පැවැති මෙම තරගාවලියේදී ගේට්වේ ජාත්‍යන්තර පාසලේ 12 හැවිරිදි දිනී ජයවීර නෙට්බෝල් රැජන සම්මානය දිනා ගත්තාය.
පළමු අවසන් පූර්ව තරගයේදී මහනුවර ගේට්වේ ජාත්‍යන්තර පාසල කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසල ඉදිරියේ පරාජයට පත් වූ අතර, දෙවැනි අවසන් පූර්ව තරගයේදී නුගේගොඩ ලයිසියම් පාසල වත්තල ලයිසියම් හමුවේ පරාජයට පත් විය.
තෙවැනි ස්ථානය මහනුවර ගේට්වේ කණ්ඩායමට හිමි විය.
තරගාවලියේ දක්ෂතම ආරක්ෂක පෙළ ක්‍රීඩිකාව ලෙස චෙනුති පෙරේරා (කොළඹ ගේට්වේ), දක්ෂතම විදින්නිය රනේන් නසී (කොළඹ ගේට්වේ), දක්ෂතම මැදපෙළ ක්‍රීඩිකාව රියරි වික්‍රමාරච්චි (වත්තල ලයිසියම්) හා නෙට්බෝල් රැජන දිනී ජයවීර (කොළඹ ගේට්වේ) සම්මාන දිනා ගත්හ.