ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා මලල ක්‍රීඩා තරගාවලිය දියගමදී

65

ජාතික ජ්‍යෙෂ්ඨ ශූරතා පිරිමි සහ කාන්තා මලල ක්‍රීඩා තරගාවලියේ 102 වැන්න ජූනි මස 25, 26, 27 හෝමාගම – දියගම පිහිටි මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ දී පැවැත් වීමට සංවිධායකයින් වන ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය පියවර ගෙන තිබේ.

ප්‍රංශයේ පැරිස් නුවර දී ක්‍රියාත්මක කෙරෙන මෙවර ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුස්සන් තෝරා ගැනීමේ කඩයිම් තරගයක් ලෙස ද මෙය පිළිගැනීමට නියමිතය.

ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ දක්ෂතා සපිරි ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් හට මෙන්ම මෙරට ජාතික තලයට එබී බලන දක්ෂයින් හට ද මෙවර තරගාවලිය සඳහා සහභාගි වීමේ හැකියාව තිබේ. 2024 වසර ආශ්‍රිතව සටහන් කර ගෙන ඇති උපරිම දක්ෂතාව තම අයදුම් පත්‍රය සමගින් යොමු කළ යුතු බව ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය නිවේදනය කර සිටී.

සියලුම අයදුම්පත් ජූනි 18 දිනට පෙර ලැබෙන පරිදි සමන් කුමාර ගුණවර්ධන මහතා, ලේකම්, ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනය, අංක 33, නිදහස් චතුරස්‍රය, කොළඹ 07 යන ලිපිනයට යොමු කළ යුතුය.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment