ටී – 10 සුපර් ලීග් තරගාවලිය
ලංකා T -10 සුපර් ලීග් තරගාවලියේ සිව්වන දිනය 14 වැනිදා සෙනසුරාදා ආරම්භ වූ අතර එදින පැවැතියේ තුන්වැනි දිනයේ පළමු තරගය වූ කලම්බු ජගුවර් සහ කැන්ඩි බෝල්ට්ස් අතර තරගයයි. වර්ෂාව නිසා මුල් තරගය අතහැර දැමීමට සිදුවිය.
ඉන්පසු පැවැති ඉතිරි තරග දෙකම ක්‍රියාත්මක වුණා. මෙහිදී තෙවැනි ජයග්‍රහණය වාර්තා කිරීමට අපරාජිත ජැෆ්නා ටයිටන්ස් කණ්ඩායම සමත් වුණා. ජැෆ්නා ටයිටන්ස් සහ ගෝල් මාවල්ස් අතර පැවැති පළමු තරගය පළමු ඉනිම ඇරඹූ ගෝල් කණ්ඩායම පන්දුවාර 10 අවසානයේ දී කඩුලු 07ක් දැවී ලකුණු 105ක් ලබා ගත්තා.
ඇලෙක්ස් හෙල්ස් ලකුණු 21ක් ලබාගත් අතර පිටෝරියස් කඩුලු 2ක්ද දවා ගත්තා. ලකුණු 105ට පිළිතුරු ඉනිම ඇරඹූ ජැෆ්නා කණ්ඩායම පන්දුවාර 8ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තා. කුසල් මෙන්ඩිස් ලකුණු 31ක් ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය ද හිමිකර ගත්තා.
තෙවැනි දිනයට අදාළව පැවැති අනිත් තරගය වූයේ නුවරඑළිය කිංග්ස් සහ හම්බන්තොට ටයිගර්ස් ය. මෙහිදී මුලින්ම පන්දුවට පහර දුන් නුවරඑළිය කණ්ඩායම නියමිත පන්දුවාර 10 තුළ කඩුලු 6ක් දැවී ලකුණු 82ක් ලබා ගත්තා. බෙනී හොවෙල් ලකුණු 29ක් ලබාගත් අතර රිචඩ් ගිල්සන් හම්බන්තොට වෙනුවෙන් කඩුලු 3ක් බිඳ හෙළීය. ලකුණු 83ක ඉලක්කය හඹා ගිය හම්බන්තොට කණ්ඩායම පන්දුවාර 7ක් තුළ කඩුලු 3ක් පමණක් දැවී ඉලක්කය සපුරා ගත්තා. කුසල් පෙරේරා ලකුණු 33ක් ලබාගත් අතර තරගයේ වීරයා සම්මානය රිචඩ් ගිල්සන් දිනා ගත්තා.
සුසිල් ජයකොඩි