ටයිකොන්ඩෝ ශූරයෝ දිවයිනට

42

මැලේසියාවේ පැවැති 16 වන විවෘත ජාත්‍යන්තර ටයිකොන්ඩෝ ශූරතා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලාංකික ක්‍රීඩකයන් එහිදී රන් පදක්කම් 13ක්, රිදී පදක්කම් 05ක් සහ ලෝකඩ පදක්කම් 05ක් දිනාගෙන පසුගිය 13 වැනි දින රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණියහ.

මෙම තරගාවලිය ඉකුත් 01 වැනි දින සිට 10 වැනි දින දක්වා ලෝකයේ රටවල් 22ක ක්‍රීඩක ක්‍රීඩිකාවන් 500කට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් මැලේසියාවේ ක්වාලාලුම්පූර් නුවර පවත්වා තිබුණි.

මෙම ජයග්‍රාහී ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිරිස 13 වැනි දින රාත්‍රී 11.00ට මැලේසියාවේ ක්වාලාලුම්පූර් නුවර සිට එයාර් ඒෂියා ගුවන් සේවයේ ඒ.කේ.- 047 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඔවුන් පිළිගැනීම සඳහා සිවිල් සමාජ ක්‍රියාකාරී , මගෙන් රටට සංවිධානයේ සංජය මහවත්ත මහතා ඇතුළු පිරිසක් කටුනායක ගුවන්තොටුපළ පැමිණීමේ පර්යන්තය වෙත පැමිණ සිටියහ.

කටුනායක ටී.කේ.ජී.කපිල


advertistmentadvertistment