පස්දෙනාට වූ දේ තවමත් අභිරහසක්
ටයිටැනික් නෞකාවේ සුන්බුන් නැරඹීම, සඳහා මුහුදු පතුලට ගොස් තිබියදී අතුරුදන් වූ ‘ටයිටන්’ නමැති සබ්මැරීන් යානය සතුව පවතින ඔක්සිජන් ප්‍රමාණය ඊයේ (22දා) සවස වන, විට අවසන් වීමට නියමිතව තිබුණි. එහෙත් මේ යානය පිළිබඳව කිසිදු තොරතුරක් දැනගැනීමට එය සෙවීමේ කටයුතුවල නිරතව සිටින අමෙරිකානු හා කැනේඩියානු මෙහෙයුම් කණ්ඩායම්වලට නොහැකි වී තිබිණි.
පසුගිය ඉරිදා මුහුදු කිමිදීම අරඹා පැයකුත් මිනිත්තු 45කට පමණ පසු එම කුඩා සබ්මැරීන යාත්‍රාව සමග පැවැති සබඳතා බිඳවැටුණු බව එක්සත් ජනපද වෙරළාරක්ෂක සේවාව පවසා තිබිණි.
යාත්‍රාවේ සිටි පුද්ගලයන් පස්දෙනා ගලවා ගැනීම සඳහා සියලු උපක්‍රමයන් ගවේෂණය කෙරෙන බව ඕෂන්ගේට් සංචාරක සමාගම ප්‍රකාශ කළේ ය.
මීටර් 3800ක ගැඹුරේ පිහිටි නෞකා සුන්බුන් වෙත කිමිදීම ද ඇතුළු දින අටක සංචාරයක් සඳහා වන ටිකට් පතෙහි මිල ඩොලර් 250 000කි.
සාමාන්‍යයෙන් මෙම යාත්‍රාවක නියමුවෙක්, ගෙවීම් සිදුකර ගමනට සම්බන්ධ වන අමුත්තෝ තිදෙනෙක් හා සමාගම විසින් ‘මෙවන් ගමන් පිළිබඳ ප්‍රවීණයෙක්’ ලෙස හඳුන්වන්නෙක් ගමන් කරති. බ්‍රිතාන්‍ය ජාතික බිලියනපති ව්‍යාපාරිකයෙකු හා ගවේශකයෙකු වන 58 හැවිරිදි හේමිෂ් හාඩින්ග් හා පාකිස්තාන ජාතික ප්‍රකෝටිපති ව්‍යාපාරික ශාශඩා ඩාවුඩ් හා ඔහුගේ පුතු සුලෙයිමාන් මෙහි මුදල් ගෙවා ගිය තිදෙනා වෙති.
අතුරුදන් වී ඇත්තේ ඕෂන්ගේට් සමාගමේ ‘ටයිටන්‘ නම් සබ්මර්සිබල් යාත්‍රාවයි. එය, පුද්ගලයන් පස්දෙනකු රඳවාගත හැකි, සාමාන්‍යයෙන් දින හතරකට සෑහෙන හදිසි ඔක්සිජන් සැපයුමක් සමග කිමිදෙන, ලොරි රථයක ප්‍රමාණයේ සබ්මැරීන යාත්‍රාවකි.
ඕෂන්ගේට් සමාගමේ වෙබ් අඩවියට අනුව, බර කිලෝග්‍රෑම් 10,432ක් වන මෙම යාත්‍රාවට මීටර 4000කට ආසන්න ගැඹුරකට කිමිදිය හැකි අතර, පස්දෙනකුගෙන් යුත් මඟීන් පිරිසක් සඳහා පැය 96කට ප්‍රමාණවත් ඔක්සිජන් තිබේ.
කවර්ක් නමුත් ටයිටැනික් නැවේ සුන්බුන් ඇති අවට සාගරය අතිභයානක බව කියවේ.
මෙම මෙහෙයුම් කණ්ඩායම්වලින් මෙහෙයුමේ යෙදී සිටින සෝනාර් පහසුකම්වලින් සමන්විත කැනේඩියානු ගුවන් යානයකට ඉකුත් අඟහරුවාදා (20දා) හා බදාදා (22දා) අතුරුදන් යානයෙන් නිකුත් වූ බවට විශ්වාස කෙරෙන විශාල ශබ්දයක් දෙවරක් නිරීක්ෂණය කිරීමට හැකි වී තිබිණි. කෙසේ වුවද තවමත් එම ශබ්ද නිකුත් වූයේ අතුරුදන් යාත්‍රාවෙන් ද යන්න තවමත් තහවුරු වී නොමැත. අතුරුදන් යාත්‍රාවේ පැය 96 කට ප්‍රමාණවත් ඔක්සිජන් තිබී ඇතත් ආහාර, ද්‍රව්‍ය තිබී ඇත්තේ සීමිත ප්‍රමාණයක් බව අනාවරණය වී තිබේ.
චතුර පමුණුව, උපාලි ද සේරම්, ඒමන්ති මාරඹේ