ට්‍රම්ප්ගෙන් ඡන්ද පොරොන්දු

102

මෙවර ජනාධිපතිවරණය ජයගෙන තමන් බලයට පත්වීමෙන් පසුව සංක්‍රමණික ප්‍රතිපත්ති ලිහිල් කරමින් ඇමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලැබූ විදෙස් සිසුන්ට “ග්‍රීන් කාඩ්” එනම් ඇමෙරිකානු ස්ථිර පදිංචිය ලබාදෙන බව හිටපු ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

සංක්‍රමණිකයින් සම්බන්ධව දැඩි ප්‍රතිපත්ති අනුගමනය කළ ට්‍රම්ප් මෙවැනි ප්‍රකාශයක් සිදු කිරීම විශේෂත්වයක් බව ද විදෙස් මාධ්‍ය පවසයි.

මෙලෙස ග්‍රීන් කාඩ් දීම මගින් ඇමෙරිකාවේ අධ්‍යාපනය ලැබූ ඉන්දීය සහ චීන ජාතිකයින් නැවත සිය මව් රටවලට යෑම පාලනය කිරීමට බලාපොරොත්තු වන බව ද සඳහන් කර තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment