සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු කල්ලමරේ

1553


මෙම වසර තුළ මෙරටට සහල්, මුං ඇට, උඳු, කුරක්කන්, කව්පි සහ රටකජු ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
සහල් සහ අනිකුත් ආහාර බෝග අස්වැන්න සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් තොරතුරු ඉල්ලා තිබු අතර ඊට අදාල වාර්තාවක් ලබා දෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මේ බව සඳහන් කර ඇත.
2023 වසර තුළ සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 03ක අතිරික්තයක් ඇති විය හැකි බවත් මෙරට වාර්ෂික සහල් අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් ලක්ෂ 24කි.
වාර්ෂික මුං ඇට අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000කි. මෙම වසර තුළ හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ පුළුල් ලෙස මුං ඇට වගාව ආරම්භ කර ඇති අතර අතරමැදි කන්නය තුළ දිස්ත්‍රික්ක කිහිපයක මුං ඇට වගාව සඳහා ගොවීන්ට අවශ්‍ය පහසුකම් ලබා දී තිබේ. මෙම වසර තුළ මුං ඇට මෙට්‍රික් ටොන් 13439 අස්වැන්නක් ලැබී තිබේ.
කව්පි වාර්ෂික අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 15,000කි. මෙම වසර තුළ මෙරට කව්පි නිෂ්පාදනය මෙට්‍රික් ටොන් 13,740කි.
වාර්ෂික උඳු අවශ්‍යතාවය මෙට්‍රික් ටොන් 20,000කි. 2023 වසර තුළ උඳු අස්වැන්න මෙ. ටො. 17,866කි.
මෙරට වාර්ෂික රටකජු අවශ්‍යතාවය මෙ. ටො. 35,000කි. මෙම වසර තුළ මේ වනවිට රටකජු අස්වැන්න මෙ. ටො. 36,498කි.
කුරක්කන්- වාර්ෂික අවශ්‍යතාවය මෙ. ටො. 10,000කි. මෙම වසර තුළ කුරක්කන් අස්වැන්න මෙ. ටො. 6408කි.

මේ නිසා මෙම වසර තුළ අපේ රට සහල්, මුං ඇට, කව්පි, කුරක්කන්, උඳු, හා රටකජුවලින් ස්වයංපෝෂිත තත්ත්වයට පත් ව ඇති බැවින් නැවත එම ද්‍රව්‍ය මෙම වසර තුළ ආනයනය කිරීමේ අවශ්‍යතාවයක් පැන නොනගින බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.

මේ අතර මෙම යල කන්නයේ අස්වනු නෙලා ගැනීමෙන් අනතුරුව වගා කෙරෙන අතරමැදි කන්නය තුළ හැකිතාක් අතිරේක බෝග වගාවට ප්‍රමුඛත්වය ලබා දෙමින් මුං ඇට, කව්පි හා උඳු වගා කිරීමට ගොවීන් උනන්දු කිරීමටත් ඒ සඳහා අවශ්‍ය පහසුකම් සලසන ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය.

advertistmentadvertistment
advertistmentadvertistment