ට්‍රම්ප් වසා දැමූ ඇමරිකානු හඬ නැවත ඇරඹීමට නියෝග

245

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් වසා දැමීමට නියෝග කර තිබෙන ඇමරිකානු රජයට අයත් ජාත්‍යන්තර ගුවන් විදුලි සේවයක් වන වොයිස් ඔෆ් ඇමරිකා (ඇමරිකානු හඬ) ගුවන් විදුලි සේවය නැවත අරඹා මේ වනවිට එම සේවයේ නිවාඩු යවා සිටින ජනමාධ්‍යවේදීන් ඇතුළු සේවකයන් නැවත සේවයේ පිහිටුවන ලෙස ඇමරිකානු විනිසුරුවරයකු විසින් ට්‍රම්ප් ජනාධිපතිවරයා වෙත නියෝග කර තිබේ. ඇමරිකානු මධ්‍යම අධිකරණ විනිසුරුවරයකු වන රොයිස් ලැම්බර්ත් විසින් පෙරේදා (22) ලබා දී ඇති අදාළ නියෝගයට අනුව මේ වනවිට සැපයීම නවතා තිබෙන වොයිස් ඔෆ් ඇමරිකා ගුවන් විදුලි සේවය සඳහා ලබාදුන් අරමුදල් ලබාදෙමින් එම ගුවන් විදුලි සේවයේ සේවය කළ නිවාඩු යවා සිටින ජනමාධ්‍යවේදීන් 1000ක් ඇතුළු කාර්ය මණ්ඩල සාමාජිකයන් 1300කට අධික පිරිසක් නැවත සේවයේ පිහිටු වියයුතුය.

ඇමරිකානු ජනධිපති ට්‍රම්ප් විසින් වොයිස් ඔෆ් ඇමරිකා ගුවන් විදුලි සේවය පක්ෂපාති මාධ්‍ය වාර්තාකරණයක් සිදු කරන බවට හා රැඩිකල්වාදී බව පවසමින් ඉකුත් මාර්තු මාසයේදී එම ගුවන් විදුලි සේවය වසා දැමීමට නියෝග කර තිබිණි.


advertistmentadvertistment