නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන හෙට සිට

192

පවුල් ලක්ෂ 29කට නොමිලේ සහල් බෙදාදීමේ වැඩසටහන හෙට සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ඒ අනුවල රජය විසින් මෙවර මහ කන්නයේ දී ගොවි ජනතාව වෙතින් මිල දී ගන්නා ලද වී සහල් බවට පත්කර ඒවා අඩු ආදායම්ලාභී පවුල් ලක්ෂ 29ක් අතර බෙදා දීමට නියමිතය.

මසකට එක් පවුලක් සඳහා සහල් කිලෝග්‍රෑම් 10ක් බැගින් මාස දෙකක් සහල් නොමිලේ ලබාදේ.

එම සහල් ඉල්ලුම් කර ඇති පරිදි කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, රත්නපුර,ගාල්ල, මාතර සහ තවත් දිස්ත්‍රික්ක කිහිපයකට ලබාදීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

advertistmentadvertistment
advertistmentadvertistment