හය හැවිරිදි සිසුවාගේ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලැබූ ගුරුවරිය සුව අතට

361

හය හැවිරිදි සිසුවකු විසින් වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ ඇමෙරිකානු ගුරුවරියගේ තත්ත්වය යහපත් අතට හැරෙමින් පවතින බව බලධාරීහු පවසති.

පසුගිය සිකුරාදා (06දා) වර්ජිනියාවේ නිව්පෝර්ට් නිව්ස් නගරයේ රිච්නෙක් ප්‍රාථමික පාසලේදී අත් තුවක්කුවකින් වෙඩි තැබීමෙන් ඇබී ස්වර්නර් නම් ගුරුවරිය බරපතළ තුවාල ලැබුවාය. පොලිස් අත්අඩංගුවේ පසුවන දරුවා තුවක්කුව ලබාගත්තේ කෙසේද යන්න පැහැදිලි නැත. සිසුන් 550 ක් පමණ සිටින මෙම පාසලේ ලෝහ

හඳුනාගැනීමේ පහසුකම් තිබුණද, සිසුන් අහඹු ලෙස පරීක්ෂා කර ඇති අතර සෑම දරුවකුම පරීක්ෂා නොකළ බව ආරක්ෂක නිලධාරීන් විසින් ප්‍රකාශ කර තිබේ.

වෙඩි ප්‍රහාරයට ලක්වීමෙන් පසුවද ස්වර්නර් මහත්මිය සිය සිසුන්ට කෑගසා කියා ඇත්තේ වහාම පන්තියෙන් පලා යන ලෙසයි. පොලිස් ප්‍රධානී ස්ටීව් ඩෲ වාර්තාකරුවන් හමුවේ පවසා තිබුණේ පළමු ශ්‍රේණියේ පන්ති කාමරයක ඇති වූ ආරවුලකින් පසුව වෙඩි තැබීම සිදුව ඇති බවත් එය ‘අහම්බෙන්’ සිදු වූ බවක් නොපෙනුණු බවත්ය.

“හය හැවිරිදි දරුවකුට ගිනිඅවියක් හැසිරවීමට හැකි වූයේ කෙසේද යන්න හෝ හය හැවිරිදි දරුවකුට ගිනිඅවියකට පිවිසීමට හැකි වූයේ කෙසේද යන්න පිළිබඳ සියලු පිළිතුරු අප සතුව නොමැත”යැයි ඔහු පැවසීය.
චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment