අමෙරිකානු ජිම්නාස්ටික් ඉතිහාසයේ ඔලිම්පික් ජාතික තේරීම් තරගාවලියට සහභාගි වූ පළමුවැනි ශ්‍රී ලාංකික සම්භවයක් ඇති ක්‍රීඩිකාව වීමට ටියැනා සුමනසේකර සමත්ව තිබේ.
ඇය අවසන් ශ්‍රේණිගත කිරීමේ 8 වැනි ස්ථානයට තේරී පත් වී තිබිණි.
ශ්‍රේණිගත කිරීම්හි මුල් 5 දෙනා පැරිස් ඔලිම්පික් උළෙලේදී අමෙරිකානු ජිම්නාස්ටික් කණ්ඩායම නියෝජනය කිරීමට නියමිතව ඇති අතර ශ්‍රේණිගත කිරීම්හි 6 වැනි සහ 7 වැනි ස්ථාන හිමි ක්‍රීඩිකාවන් අතිරේක ක්‍රීඩිකාවන් ලෙස සංචිතයට එක්වීමට නියමිතය.
කෙසේ වෙතත් ජිම්නාස්ටික් ක්‍රීඩාවෙන් විශිෂ්ට දක්ෂතා දක්වා ඉහළට පැමිණීමට හැකිවීම සම්බන්ධයෙන් ඇය සියලු දෙනාගේ ප්‍රසාදයට පාත්‍ර වී ඇත.