දේපොළටත් තෑග්ගටත් අලුතෙන් බදු

5230

බදු එකතු කර ගැනීම සඳහා ලබන වසරේ (2025) දී දේපළ බද්ද සහ තෑගි හා උරුම බද්ද හඳුන්වාදීමට අපේක්ෂා කරන බව මහ බැංකුව පවසයි.

එසේම ආදායම් පරිපාලන ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමෙන්ද ඉදිරි කාලයේදී රාජ්‍ය ආදායම් ඉහළ නංවා ගැනීමට අපේක්ෂා කරන බවද මහ බැංකුව කියයි.

පසුගියදා නිකුත් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්ෂික ආර්ථික විවරණ වාර්තාවේ මේ බව සඳහන් වේ. මේ අනුව වර්ෂ 2027 පමණ වනවිට දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 15 පසුකර යමින් ආදායම් ඉලක්ක සපුරාගැනීමට රජය අරමුණු කර ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

විශේෂයෙන් පුද්ගල ආදායම් බදු සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීම අනිවාර්යය කිරීම, විශාල බදු ගෙවන්නන්ගේ සහ ඉහළ වත්කම් සහිත බදු ගෙවන්නන්ගේ ඒකක ශක්තිමත් කිරීම, ආදායම් පරිපාලන හා කළමනාකරණ තොරතුරු පද්ධතිය (රැමිස්) වැඩිදියුණු කිරීම සහ සරල කරන ලද එකතු කළ අගය මත බදු ක්‍රමය අහෝසි කිරීම මගින් ආදායම් එකතු කරන ආයතනවල ආදායම් පරිපාලන කටයුතු වැඩිදියුණු කිරීමට අපේක්ෂා කරන බවද එම වාර්තාවේ තවදුරටත් සඳහන්ව ඇත.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment