ඔස්ටේ‍්‍රලියාවට එරෙහි  ශී‍්‍ර ලංකා විස්සයි විස්ස සංචිතය නම් කරයි

264

* නවකයන් රැසක් සමගින්

 ඔස්ටේ‍්‍රලියාවට එරෙහිව ආරම්භ වන තරග 5 කින් සමන්විත පන්දුවාර විස්සයි-20 ක‍්‍රිකට් තරගාවලිය සඳහා වන ශී‍්‍ර ලංකා සංචිතය ඊයේ (26 දා) ප‍්‍රකාශයට පත් කිරීමට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පියවර ගෙන තිබිණි. එ් අනුව නම් කරන ලද ශ‍්‍රී ලංකා කණ්ඩායමට නවක ක‍්‍රීඩකයන් කීප දෙනෙකු ඇතුළත් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

 දසුන් ශානකගේ නායකත්වයෙන් යුතුව නම් කරන ලද 20 දෙනෙකුගෙන් යුතු ශ‍්‍රී ලංකා කණ්ඩායමට, ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකව ද ඇතුළත් කර තිබීම විශේෂත්වයක් වේ. ඉකුත් වසරේ පැවැති එංගලන්ත තරග සංචාරයේදී ජෛව බුබුල කඩකිරීමේ වරදකරුවන් වීම හේතුවෙන් ගුණතිලකට අමතරව කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ලට තරග තහනමක් පැනවීමට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පියවර ගනු ලැබීය. සිම්බාබ්වේට එරෙහිව පැවැති අවසන් එක්දින තරගාවලිය සඳහා කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල දෙදෙනාවම ජාතික සංචිතයට කැඳවුම් ලැබුවත් ඔස්ටේ‍්‍රලියානු තරග සංචාරය සඳහා කුසල් මෙන්ඩිස් පමණක් ඇතුළත්ව සිටියි.

 කණ්ඩායමට එක්ව සිටින නවක මුහුණු අතර ලංකා ප‍්‍රිමියර් ලීග් තරගාවලියේ නැගී එන ක‍්‍රීඩකයාගේ සම්මානයෙන් පිදුම් ලද ජනිත් ලියනගේ ද විස්සයි-20 කණ්ඩායමට එක්ව සිටියි. ඊට අමතරව නවක ආරම්භක පිතිකරුවකු වන කඩුලූ රකින කමිල් මිශාර සහ ලසිත් මාලිංගගේ පන්දු යැවීමේ ඉරියව්වට සමාන ඉරියව්වකින් පන්දු යවන නුවන් තුෂාර ද කණ්ඩායමට එක් කිරීමට තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.

 දඹුල්ල ජයන්ට්ස් පිල නියෝජනය කළ ජනිත් ලියනගේ තරග 4 කදී අර්ධ ශතක 2 ක් සමඟ මුලූ ලකුණු 108 ක් රැුස්කර ගනිමින් නැගී එන ක‍්‍රීඩකයාට හිමි සම්මානය දිනා ගැනීමට සමත් විය. ජනිත් ලියනගේව මීට පෙර සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය සඳහා නම් කරන ලද නමුත් කොවිඞ් වෛරසය ආසාධනය වීම නිසා අවාසනාවන්ත ලෙස තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ බැවින් එම ස්ථානයට කුසල් මෙන්ඩිස්ව ආදේශ කෙරිණ. ඔහුට අමතරව කණ්ඩායමට එක්ව සිටින නුවන් තුෂාර ද එල්.පී.එල්. තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් පිල නියෝජනය කරමින් තරග 8 කදී කඩුලූ 12 ක් බිඳ හෙළීමට සමත් වූවේය.

 මේ අතර මීට පෙර කණ්ඩායමේ උප නායකත්වයට පත්ව සිටි ධනංජය ද සිල්වා නම් කරන ලද කණ්ඩායමට ඇතුළත් කර නොමැති අතර උප නායකත්වය චරිත් අසලංකට ලබා දී තිබේ. අවසන් වරට ශ‍්‍රී ලංකා කණ්ඩායම දකුණු අප‍්‍රිකාවට එරෙහිව පැවැති විස්සයි-20 තරගාවලියට ඇතුළත්ව සිටි භානුක රාජපක්ෂ, මිනෝද් භානුක, අකිල ධනංජය, නුවන් ප‍්‍රදීප්, ළහිරු මදුශංක, කමිදු මෙන්ඩිස්, කුසල් පෙරේරා සහ පුලින තරංග යන ක‍්‍රීඩකයන් 7 දෙනාට කණ්ඩායමේ ස්ථාන අහිමිව තිබේ.

 ශී‍්‍ර ලංකාව සහ ඔස්ටේ‍්‍රලියාව අතර තරග 5කින් සමන්විත විස්සයි විස්ස කි‍්‍රකට් තරගාවලිය ලබන 11 වැනිදා ආරම්භ වේ.

 ශ‍්‍රී ලංකා කණ්ඩායම – දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), අවිෂ්ක ප‍්‍රනාන්දු, පැතුම් නිස්සංක, ධනුෂ්ක ගුණතිලක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, කමිල් මිශාර, රමේෂ් මෙන්ඩිස්, වනිඳු හසරංග, ළහිරු කුමාර, නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, බිනුර ප‍්‍රනාන්දු, මහීෂ් තීක්ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප‍්‍රවීන් ජයවික‍්‍රම, ශිරාන් ප‍්‍රනාන්දු.

advertistmentadvertistment
advertistmentadvertistment